වහා මැතිවරණයක් ඉල්ලා දෙවනිවරටත් පොදුජන පෙරමුණ විරෝධතාවයක
වත්මන් දේශපාලන අර්බුදය විසදීම සදහා වහාම මැතිවරණයක් පවත්වන්නැයි දෙවැනි දිනටත් නාඋල දී උද්ඝොෂණ ව්‍යාපාරයක් පැවැත්විණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාඋල ප්‍රාදේශිය සභා සභාපති සනත් දසනායක මහතා සංවිධාන කර තිබු විරෝධතා පාගමන අද නාඋල ඔරලෝසු කනුව අසලින් ආරම්භ විය.
විවිධ සටන් පාඨ කියමින් විරෝධතා පුවරු රැගත් පිරිස නාඋල බස් නැවතුම්පළේදි දී මාධ්‍ය වෙත අදහස් දැක්වීය.
එක්සත් ජාතික පක්ෂය පිරිස මැතිවරණයක් වලක්වමින් කටයුතු කරන බවත් වහාම මැතිවරණයක් පැවැත්විය යුතු බවත් මාධ්‍ය හමුවේ නාඋල සාභාපති සනත් දසනායක (ශි‍්‍ර ලං පො ජ පෙ) කියා සිටියේය.
කතානායක කරූ ජයසූරිය ඇතුළු පිරිස සිදුකරනු ලබන ක්රීයාවන් අනුමත නොකරන බවත් වහාම මැතිවරණයක් පවත්වා රටේ ප්රජාතන්ත්රවාදයට ගරු කරන ලෙසත් හෙතෙම ඉල්ලා සිටියේය.
හිටපු පළාත් සභා මන්ත්‍රි තිලක් බණ්ඩාර මහතා කියා සිටියේ කතානායකවරයා ඒකාධිපති බලයක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
පසුගිය වසර තුන හමාරක කාලය තුළ රණවිරුවන් හිරගෙදරට යැව් බවත් කහසිවුරට ජම්පර් අන්දවා භික්ෂුන් වහන්සේ සිරගත කළ බවත් හෙතෙම කියා සිටියේය.
මෙවැනි තත්ත්වයක් හමුවේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම උදෙසා මෙවැනි ක්‍රියා නවතා වහාම එළියට බහින ලෙස එක්සත් ජාතික පක්ෂයට බල කරන බව ද තිලක් බණ්ඩාර මහතා කියා සිටියේය.
නාඋල - ඉන්දික කුමාර


popular news
-
Rattharan Tuesday, 27 November 2018 01:24 PM
මුලින් රටේ ව්‍යවස්ථාවට ගරු කරනු ,,,,,,, පසුවට මැතිවරනයක් ගන්න හඬ නගනු ,,,
Reply : 0 0
hubert Tuesday, 27 November 2018 04:34 PM
ජනමතය දැන් තියෙන්නේ පාර්ලිමේන්තුවේයි. පොහොට්ටුවේ නොවෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

