වවුනියාවේ ලංගම බස් සේවකයින්ගේ වැඩවර්ජනය අවසන්
වවුනියාව ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ට අන්තනොමතික ලෙස උසස්විම් ලබා දී ඇති හෙයින් එම උසස්වීම් අවලංගු කරන ලෙස ඉල්ලා වවුනියාව ඩිපෝ සේවක රියදුරන් ඇතුළු කොන්දොස්තරවරුන් අද (02) සේවයෙන් ඉවත්ව සිදුකල වැඩවර්ජනය නැවැත්වීමට පියවර ගෙන ඇත.
වවුනියාව ලංගම බස් සේවකයන් හා කොළඹ සමස්ත ලංකා වෘත්තිය බස් හිමියන්ගේ සංගමය ඇතුලු පාර්ශව කිහිපයක සාමාජිකයින් සමග අද (02) දහවල් සිදුකල සාකච්ඡාවකින් පසුව ඉදිරියේදි විසඳුම් ලබා දීමට පොරොන්දු වීමෙන් පසුව වැඩවර්ජනය අතහැර දැමීමට වවුනියාව ලංගම බස් සේවකයින් පියවර ගනු ලැබීය.
දේශපාලන හිතවත්කම් හා විවිධ බලපෑම් මත නීත්‍යනුකූල ක්‍රියාපටිපාටියකින් තොරව වවුනියාව ඩිපෝවේ ලංගම සේවකයින් 10 දෙනකු පමණ වවුනියාව ඩිපෝවේ කළමනාකරු අන්තනොමතික ලෙසට උසස්වීම් ලබාදී ඇති අතර එයින් ජ්‍යෙෂ්ඨ සේවකයින් වෙත දැඩි අසාධාරණයක් සිදුව ඇති හෙයින් වහාම කනිෂ්ඨ සේවකයින්ට ලබා දී ඇති උසස්වීම් අවලංගු කරන ලෙස පවසමින් මෙලෙස වැඩවර්ජනයේ නිරත වූහ.
ලංගම සේවකයින්ගේ වැඩවර්ජනය හේතුවෙන් වවුනියාව ඩිපෝවෙන් ධාවනය වීමට නියමිතව තිබූ බස්රථ සියල්ල අද දිනයේ ධාවනය නොවූ අතර එම හේතුවෙන් පාසල් සිසුන් හා රැකියා සඳහා පිටත්වයන මගීන් විශාල පිරිසක් අපහසුතාවයට පත්විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

