වවුනියාව වේලංකුලම් ප්රදේශයේ ගෙවත්තක් පිළිසකර කිරීමට යාමේදී වළ දමා තිබූ අත්බෝම්බ 5ක් ඊයේ (12) දින හමු වූ බවට වවුනියාව පූවර්සන් කුලම් පොලීසිය පවසයි.
වේලංකුලම් ප්රදේශයේ නැවත පදිංචි වැසියෙකු විසින් සිය ඉඩම පිළිසකර කිරීම සඳහා එළිපෙහෙළි කරමින් සිටින අතරතුරදී සැකකටයුතු පාර්සලයක් පොළවේ වළ දමා තිබී ඇති අතර පසුව එය පරික්ෂා කිරීමේදී අදාළ අත්බෝම්බ දැක ඒ බව පූවර්සන්කුලම් පොලීසියට දැනුම් දී ඇත.
පසුව එම ස්ථානයට පැමිණ පූවර්සන්කුලම් පොලීසිය අදාළ ස්ථානයේ කැණීමක් සිදු කොට වළදමා තිබූ අත්බෝම්බ 5ක් සොයාගෙන ඇති අතර එම අත්බෝම්බ යුද සමයේදී කොටි සංවිධානය විසින් වළ දමන්නට ඇති බවට සැක පළ කර සිටියි.
සොයා ගත් අත්බෝම්බ නිශ්ක්රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ලබා ගැනීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන පූවර්සන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
