වවුනියාවේ අතුරුදහන් වූ පුද්ගලයාගේ සිරුර කැළෑවකින් හමු වෙයි
වවුනියාව, පණ්ඩාරිකුලම ප්රදේශයේ පදිංචිව සිටි පසුගිය ජුනි 08 වැනිදා සිට අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (22) වවුනියාව පුලියන්කුලම, පෙරියමඩු ප්රදේශයේ කැළෑවක තිබී හමුවූ බවට ඕමන්ත පොලීසිය පවසයි.
මෙසේ පෙරියමඩු කැළෑවේ තිබී හමුවූ මළ සිරුර පිළිබඳ වැඩිදුර පරික්ෂා කිරීමේදී අදාළ පුද්ගලයා වවුනියාව පණ්ඩාරිකුලම ප්රදේශයේ පදිංචිව සිටි ඉලංසිංහම් දේවරාසා නමැති 74 හැවිරිදි පුද්ගලයෙකුගේ බවට පොලීසිය විසින් අනාවරණය කොට ගෙන ඇත.
අදාළ පුද්ගලයා ජුනි 08 වැනිදා සිට අතුරුදහන්ව ඇති බව ඥාතීන් වවුනියාව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරිමේදී ප්රදේශවාසියෙකු විසින් මළ සිරුර පිළිබඳව පොලීසියට දැනුම් දීමෙන් අදාළ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් අනාවරණය කොටගෙන ඇත්තේ මළ සිරුර ගිනිගෙන ඇති බවටත් එය ගිනි තබා සිදුකරන ලද ඝාතනයක්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් අරඹා ඇති බවටද ඕමන්ත පොලීසිය වැඩිදුරටත් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
