වවුනියව සහ කිලිනොච්චි දිස්ත්‍රක්කවල අක්කර 16,000ක උඳු වගාවක්

වවුනියව සහ කිලිනොච්චි දිස්ත්‍රක්කවල අක්කර 16,000ක උඳු වගාකිරීමටත්, අක්කර 550ක පාරම්පරික වී වගාකිරීමටත් කටයුතු යොදන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
මේ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අදාළ කටයුතු සූදානම් කර ඇති අතර, එහි සමාරම්භය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් (05දා) සිකුරාදා වවුනියාව නගර සභා ශාලාවේදී සිදු කිරීමට නියමිතය. එමෙන්ම යාපනය ප්‍රදේශයේ රටකජු, මිරිස් හා අඹ වගා කිරීමේ කලාප දෙකක් ස්ථාපිත කිරීමට නියමිත අතර, එම කටයුතු ගනේෂපුරම් ප්‍රදේශයෙන් 06 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
රටකජු මෙරට වගා කළද පසුගිය වර්ෂය තුළ මෙරටට රටකජු ආනයනය කිරීම සඳහා රජය රුපියල් මිලියන 689ක් වැය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. මෙරට වගා කළ පාරම්පරික වී වර්ග වන මුතු සම්බා, මානික්කම් සම්බා, කුරුළු තුඩ, සුවඳැල්, කළු හීනටි, මා වී, පච්චපෙරුමාල්, රත්දැල්, මඩතවාලු, හැට දා වී වැනි පෝෂණ ගුණයෙන් යුතු සහල් සඳහා වෙළෙඳ පොළේ ඉහළ ඉල්ලුමක් පවතින බැවින් සාම්ප්‍රදායික වී වර්ග මෙවර මහ කන්නයේදී අක්කර 550ක වගා කිරීමට අමාත්‍යවරයා ගත් තීරණය අනුව කටයුතු සූදානම් කර ඇති බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

