වව්නතිව්හි පොලිස් නිලධාරීන්ගේ ඝාතනයට එරෙහිව වව්නියාවේ තවත් විරෝධතාවක්
මඩකලපුව වව්නතිව්හි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව විරෝධය පා විරෝධතා පාගමනක් ඊයේ වව්නියාව ඊච්චන්කුලම් ප්‍රදේශයේදී පැවත්වුණි.
ඊච්චන්කුලම් තවසිකුලම් ප්‍රාථමික පාසල ඉදිරිපිටින් ආරම්භ කරන ලද විරෝධතා පාගමන 611 යුද හමුදා බලසේනා මූලස්ථානය දක්වා ගමන් කරනු ලැබීය.
විරෝධතා කරුවන් පාගමන අවසානයේදී ඊච්චන්කුලම් පොලිස් නිලධාරීන් වෙතට සන්දේශයක් භාර දෙමින් කියා සිටියේ ,
‘ වව්නතිව්හිදී වෙඩිතැබීමකට ලක්ව මියගිය පොලිස් නිලධාරීන්ගේ ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සියලු දෙනාට නිසි දඩුවම් ඉතා ඉක්මනින් ලබා දිය යුතු බවටත් නැවත යුද්ධයක් හෝ එවැනි වෙඩි තැබීම් සිදු නොවීමට යුද හමුදාව හා පොලීසිය එක්ව ආරක්ෂාව තහවුරු කල යුතු බවට පවසමිනි’.


popular news
-
Champa Sunday, 09 December 2018 04:32 PM
කොටි මෙහෙම පොලිස් නිලධාරීන් ඝාතනය කරලා තියෙත්දී තමයි ශ්‍රීලනිප මහ ලේකම් මහාචාර්ය කවුද නම මතක නැහැ, කිව්වා ජනාධ්පතිවරයා තීරණය කලාලු "සියලු දේශපාලන සිරකරුවෝ" නිදහස් කරන්න. ලංකාවේ දේශපාලන සිරකරුවෝ නැහැ. ඉන්නවා නම් ඒ ආණ්ඩුව මාරු වුනාට පස්සේ නඩු නැතුව හිරේ දාල ඉන්න ත්‍රිවිධ හමුදා නිලධාරියෝ සහ පොලිස් නිලධාරියෝ. හැබැයි මහ ලේකම් මේ කියන්නේ ඒ නිලධාරීන් ගැන නෙමෙයි. මේ කියන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත කරලා තියෙන අති දරුණු කොටි ගැන. මේ ත්‍රස්තවාදීන්ව අල්ලන්න ගිහින් දහස් ගණන් හමුදා නිලධාරියෝ මැරුම් කාල තියෙනව. අත පය අහිමි කරන තියෙනව. දිවා රා නොබලා මහන්සි වෙලා තියෙනව. දස දහස් ගණන් මිනිස්සුන්ගේ ජීවිත නැති කරපු සහ අනාගතෙත් එහෙම කරන්න ඉඩ තියෙන හිරේ ඉන්න දරුණු ගනයේ ත්‍රස්තවාදීන්ව උතුරේ චන්ද ගන්න නිදහස් කරන්න යන එක තනිකරම දේශද්‍රෝහී වැඩක්. රනිල්වත් අවුරුදු 4ක් තිස්සේ නොකරපු එක දැන් මෛත්‍රී කරන්න යන්නේ උතුරේ චන්ද ටික කොටින්ගේ උදව්වෙන් ගන්න. මොකා කලත් හිරේ ඉන්න කොටි නිදහස් කලොත් කලේ මෛත්රීද රනිල්ද මහින්දද කියලා බලන්නේ නැතුව කරපු මිනිහට විරුද්ධව අනිවාර්යයයෙන්ම නඩු පවරන්න ඕනේ අනාගතේ දවසක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
