වැලිගම වෙඩි තැබීමේ සිද්ධියට හය දෙනෙක් අත්අඩංගුවට
වැලිගම ගුරුබැවිල ප්‍රදේශයේ හෝටලයකදී අද (20දා) අලුයම සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් හය දෙනෙකු වැලිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. වැලිගම, කුඹල්ගම හා ගුරුබැබිල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ පිරිසක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
මෙම වෙඩි තැබීමට උපයෝගී කර ගත් බවට සැකකරන ගිනිඅවියක්ද හා ව්‍යාජ ගිනිඅවියක්ද මාතර කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙන අතර. අදාළ හෝටලය දෙසින් වෙඩි ශබ්දයක් ඇසෙන බවට කිසිවකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන් තොරතුරකට අනුව වැලිගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් වහා එම ස්ථානයට පැමිණ තිබේ. එහිදී එම ස්ථානයේ තිබූ ජීව උණ්ඩ හයක් හා හිස් පතොරම් කොපු තුනක් පොලීසිය භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර විදේශගතව සිට පැමිණි දෙදෙනෙකු ද සිටින බවද පොලීසිය පවසයි.
ක්‍රිෂාන් ජීවක ජයරුක්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

