නාවික හමුදාව සහ මන්නාරම පොලීසිය එක්ව මන්නාරම් තාරාපුරම් ප්රදේශයේදී අද (23) සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදි වංලගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මන්නාරම් පොලීසිය පවසයි.
තාරපුරම් මංසන්ධියේ යොදා ඇති මාර්ග බාධකය අසලදි කැබ් රථයක් පරික්ෂා කර ඇති අතර, එහිදී හක් බෙල්ලන් 2,500ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම හක් බෙල්ලන් තොගය පේසාලේ සිට මන්නාරම දක්වා ප්රවාහනය කරමින් තිබියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 50ක් වන මන්නාරම, පේසාලේ ප්රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා, හක් බෙල්ලන් තොගය සහ කැබ් රථය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වෙත භාර දිමට කටයුතු කොට ඇති බවට පරික්ෂණ සිදු කරන මන්නාරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
