වරායේ නගෙනහිර පර්යන්තය විකුණා නෑ
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා නොමැති බවත් එය හවුල් ව්‍යාපාරයක් (Partnership) ලෙස පවත්වාගෙන යන බවත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
ස්ථාවර නියෝග 27/2 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
රාජ්‍ය ආයතන දියුණු කිරිමට මුදල් නොමැති බවත් රටේ ජාතික ආදායම ණය වාරික හා පොලිය ගෙවීමට ප්‍රමාණවත් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
Champa Tuesday, 04 June 2019 05:06 PM
කොහොමත් එකයි. වරායේ ආයේ මොනවා දුයුණු කරන්නද? කොළොඹ වරාය ඉතා ලාභ ලබන ආයතනයක්. එහෙම ආයතනයක් වෙන රටවල් දෙකක් එක්ක හවුල් ව්‍යාපාරයක් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. එකම අවශ්‍යතාවය තව ඉන්න මාස කිහිපය ඇතුලේ රටත් පාවා දීල රටේ සම්පත් ටිකත් විකුණලා තමන්ගේ කොමිස් කුට්ටියත් අරන් යන එක. සහ ගහනවා රටට කරපු අපරාධෙට.
Reply : 0 0
ලංකාපුත්‍ර Tuesday, 04 June 2019 06:56 PM
රටේ ආදායම ණය වාරික හා පොළිය ගෙවීමට මදි කියමින් තවතවත් ණය ගන්නේ ඇයි.මේ මෑතම දිනකත් ණය වාරිකයක් ලැබුනා කියා මහා ප්‍රචාරයක් ඇහුනා මතකයි.අපි අහල තියෙනවා ඔටුවා කූඩාරමට ඔලුව දාගත්තොත් අයිතිකරුට එළියට යන්න වෙනවා කියල
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

