“තාක්ෂණය අවශ්‍ය නෑ, වවාගෙන කමු” යැයි කවරෙකු හෝ ප්‍රකාශ කරන්නේනම් ඊට වැඩි “රට කෑමක්” තවත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී දින 04ක් පුරා පැවැත්වීමට නියමිත ශිල්ප සේනා ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (18දා) පෙරවරුවේ එක්වෙමිනි.
වර්තමානය වනවිටදී ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට පත්ව ඇති බවට එහිදී කී අග්‍රාමාත්‍යවරයා, අපනයනයේ පදනම විද්‍යාව හා තාක්ෂණය මත පදනම් විය යුතු බවද පැවසීය.
“ශක්තිමත් දෑතින් පොහොසත් රටක්” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබේ.
