ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 15, මණ්ඩප 3 හා ආයතන 15ක විශ්වවිදයාල අනධ්‍යන සේවකයන් ඊයේ දිනයේ පැවැත්වූ එක්දින සංඛේත වැඩවර්ජනය සාර්ථක බවත් බලධාරීන් තම ගැටලු සඳහා පිළිතුරු ලබානොදෙන්නේනම් ලබන සතියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ මාධ්‍ය ලේකම් රිච්මන්ඩ් පෙරේරා මහතා පවසයි.
වැටුප් විෂමතා ඉවත් කිරීම, එම්.සී.ඒ. දීමනාව වැඩිකිරීමට, විශ්වවිද්‍යාලවලට සේවකයන් බඳවා ගැනීමේදී විවෘත තරග විභාගයකින් එය සිදුකිරීම, ණය සීමා යාවත්කාලීන කිරිම ඇතුළු ඉල්ලීම් 11ක් මුල්කර ගනිමින් ඔවුන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කළේය.
මෙම ගැටලු විසඳා ගැනිම සඳහා සාකච්ඡාවාර කිහිපයක්ම පැවැත්වුවත් ඒ පිළිබඳව බලධාරීන්ගෙන් නිසි පිළිතුරු නොලැබුණ බවත් එම කමිටුව සඳහන් කරයි. එසේම තම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා ඉදිරියේදී අනෙකුත් වෘත්තීය සංගම් එක්කර ගැනීම සඳහා සාකච්ඡා පවත්වන බවත් මාධ්‍ය ලේකම්වරයා පැවැසීය.
අනධ්‍යන සේවකයන් වැඩ වර්ජනය කිරිම හරහා සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම ඉගැන්වීමේ ක්‍රියාවළියට බාධාවක් ඇ බවත් තම විසඳුම් සඳහා කඩිනමින් සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන ලෙසත් රජයට බලකරන බවත් රිච්මන්ඩ් පෙරේරා මහතා වැඩිදුරටත් පැවැසීය.
