වයිකෝට වසරක සිර දඬුවමක්
එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහයෝගය දක්වමින් කතාවක් කිරීමේ චෝදනාවට තමිල්නාඩු එම්.ඩී.එම්.කේ. පක්ෂයේ ප්රධාන ලේකම් වයිකෝ නමැත්තා වරදකරු බවට තීරණය කළ චෙන්නායි විශේෂ අධිකරණය ඔහුට බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කළේය.
කැරලි ගැසීමට පෙළඹවීමේ චෝදනාවට වරදකරු කරමින් ඔහුට නියම කළ සිරදඬුවමට අමතරව චෙන්නායි විශේෂ අධිකරණය ඉන්දියානු රුපියල් 10,000/-ක දඩයකටද ඔහු යටත් කළේය.
මීට වසර 09කට ඉහත එනම් 2009 වසරේ පොතක් දොරට වැඩීමේ උත්සවයකදී ඉන්දියානු රජයට නිග්රහ කරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහයෝගය දක්වා දේශණයක් කරමින් සිදුකළ මෙම ක්රියාවෙන් ඉන්දියානු අපරාධ විධි විධාන සංග්රහය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් වයිකෝ නමැත්තා විසින් කොට ඇති බව තීරණය කළ එම අධිකරණය ඔහු අදාළ චෝදනාවට වරදකරු බවද තීන්දු කළේය.
විශේෂ අධිකරණයේ තීන්දුවට එරෙහිව වයිකෝ විසින් අභියාචනයක් ඉදිරිපත් කළ අතර එම අභියාචනය පිළිගත් චෙන්නායි විශේෂ අධිකරණය මෙම තීන්දුවට හා දඬුවමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කිරීම සඳහා ඔහුට මසක කාලයක් ලබා දුන්නේය.

popular news
-
Deepal Nirosh Monday, 08 July 2019 01:21 PM
ආ මේ දඬුවම නියම කරල තියෙන්නෙ ඒල්.ටී.ටී.ඊ. සංවිධානයට පක්ෂපාතව කතාවක් කරා කියලනෙ? ඒතකොට ඒහේ නැද්ද ජාතික සංහිඳියාවක්?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

