ව්‍යවස්ථාවට සංඝරත්නයේ අනුමැතිය ගන්නවා
නව ව්‍යවස්ථාවක් පිළිබඳව කෙටුම්පතක් හෝ මේ වනවිට ඉදිරිපත් කර නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එසේ තිබිය දී ඇතැමුන් බිල්ලෙක් මවා රට පාවාදෙන බව පවසමින් රජයට පහර දීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
කුලියාපිටිය බටහිර ප්‍රදේශයේ සේවා පියස ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා අද (18දා) මේ පව පැවැසීය.
විද්වතුන්ගේ සහ ඇතැම් පක්ෂවල වාර්තාවන් පමණක් මේ වන විට ඉදිරිපත් කර ඇති බවත්, ව්‍යවස්ථාවක් සැකසීමට පෙර ඒ සඳහා මහා සංඝරත්නයේ අනුමැතිය ද ලබා ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
Deepal Nirosh Friday, 18 January 2019 07:46 PM
මේ රටේ මහා සංඝරත්නය නව ව්‍යවස්ථාවක් ඉල්ලුවෙ නෑ, බහුතර ජනතාව නව ව්‍යවස්ථාවක් ඉල්ලුවෙත් නෑ. එහෙනම් කාගෙ වුවමනාවට ද මේ නව ව්‍යවස්ථාව?
Reply : 0 1
rocky Saturday, 19 January 2019 06:59 AM
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සල්ලිවලින් සියලුම නායක හාමුදුරුවරුන්ට පිරිකර හැටියට බෙන්ස් රථය බැගින් පූජා කරමු. එවිට ඔය කෙහෙල්මලට උන්නාන්සේලාගේ අනුමැතිය ගන්න පුළුවන් වේවි. ඒ හැරුනාම උන්නාන්සේලාටත් පැයට කිලෝමීටර් 100 වේගයෙන් සැප පහසුවෙන් සසර තරණය කර නිවන්පුර යාමටත් පුළුවන් වේවි!
Reply : 0 0
Lal Saturday, 19 January 2019 07:20 AM
මහාසංඝරත්නයේඅනුමැතිය කියලා ලැබෙන්නේ අර ලිට්රෝ ගෑස් එකෙන් කොමිස් ගත්තු ගෑස් දඹර අමිල හාමුදුරුවෝ විතරයි නේද?
Reply : 0 0
Deepal Nirosh Saturday, 19 January 2019 12:27 PM
අනේ මහත්තයෝ, ඔය ඒකීය රාජ්‍යය කියන වචනය ඕන නැහැ, බුද්ධාගමට ප්රුඛස්ථායනයක්ත්ඕනත් නැහැ, මහා සංඝරත්නයේ අනුමැතියක් ඕනත් නැහැ, ජනතාව නො ඉල්ලපු නව ව්‍යවස්ථාවක් ඕනෙත් නැහැ. තමුන්ට පැවරිලා තියෙන විෂය පථයේ කටයුතු කරගෙන යන්න. අපි ඉල්ලන්නෙ එච්චරයි.
Reply : 0 0
Bandula. Monday, 21 January 2019 09:27 AM
චන්දෙ ගන්න බොරුවට පොරොන්දු දෙනවා, ජනතාවට දැන් විවස්තාවක් ඔරනේ වෙලා නැහැ, නායක ස්වාමින්වහන්සේලා ඇතුළු මුළු රටම අකමැති දෙයක් නොකර ජනතාවගේ බඩගින්න නිවන්න නිකන් ජනතාවගේ සාපය නොලබා.
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

