වයඹ කනිෂ්ඨ සේවකයන් බඳවා ගැනීම් අත්හිටුවන්න ජනාධිපති නියෝගයක්
වයඹ පළාත් සභාව විසුරුවා හැරීමට පෙර එම පළාත් සභාවට සම්බන්ධ අමාත්‍යාංශවලට කනිෂ්ඨ සේවකයන් බඳවා ගැනීමේදී අක්‍රමිකතා සිදුව ඇතැයි ලැබී තිබූ පැමිණිලි සැලකිල්ලට ගෙන අදාළ සේවක පත්වීම් තාවකාලිකව අත්හිටුවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වයඹ පළාත් ආණ්ඩුකාර කේ.පී. ලෝගේෂ්වරන් මහතාට නියම කර තිබේ.
ජනාධිපතිවරයාගේ නියෝගය පිළිබඳ වයඹ ආණ්ඩුකාර ලේකම් එන්.පී.එම්. කාරියවසම් මහත්මිය වයඹ පළාත් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිඛිතව දන්වා යවා ඇත.
අමාත්‍යාංශවල කනිෂ්ඨ සේවකයන් බඳවා ගැනීම නිසි ක්‍රියාපටිපාටිය අනුව සිදුව නොමැති බවට හා වෙනත් අක්‍රමිකතා සිදුව ඇති බවට පැමිණිලි ලැබී තිබෙන බැවින් වයඹ පළාත් සභාවේ නිල කාලය අවසන් වන දින කිහිපය තුළ පවත්වන ලද හා පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණවලට අදාළ බඳවා ගැනීම් මෙන්ම සිදු කරන ලද පත්කිරීම්ද තාවකාලිකව නතර කරන ලෙස ආණ්ඩුකාරවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට දන්වා යවා තිබේ.
ගිතාංජලි ප්‍රියදර්ශනි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

