වයඹ නොසන්සුන්කාරී තත්ත්වයට 60ක් අත්අඩංගුවට
වයඹ පළාත තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්ත්වයන්ට හා ඇඳිරි නිතිය කඩකිරීම්වලට අදාළව සැකකරුවන් 60ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.
“මින් ඉදිරියට ප්‍රචණ්ඩකාරි ක්‍රියා කළොත් පොලීසිය හා ත්‍රිවිධ හමුදාව බලය භාවිත කරමින් ඒවා නතර කිරිමට කටයුතු කරනවා. මිනුවන්ගොඩ සිදුවීමට සැකකරුවන් 9ක් හා අනතුරුව 5 ක් අත්අඩගුංගුවට ගත්තා. ඔවුන් මැයි 2 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළා. වයඹ පළාතෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව සැකකරුවන් 60ක් අධිකයි. ඔවුන්ගෙන් කිහිප දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
එම ප්‍ර දේශවලට අමතර පොලිස් කණ්ඩායම් යොමුකර තිබෙනවා. නියොජ්‍ය පොලිස්පතිවරුන් 2ක්, පොලිස් අධිකාරී හා සහකාර පොලිස් අධිකාරීවරුන් 8ක් යොමුකර තිබෙනවා. කොළඹ සිටත් විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මකයි. මෙසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් පොලිස් වාර්තා ඉදිරිපත් කරන විට ඔවුන්ට ලබාදෙන පොලිස් වාර්තාවේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා සම්බන්ධ බවට සටහන් කර පොලිස් වාර්තා ලබාදෙනවා.”

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

