වන අලින් ආරක්ෂා කරන්න ඩඩ්ලිගෙන් රු. කෝටි 10ක්
තම 66 වැනි උපන්දිනය වෙනුවෙන් රටේ වන අලින්ගේ අනාගතය ආරක්ෂා කිරිම වෙනුවෙන් රුපියල් කෝටි 10ක් පරිත්යාග කිරිමට තමන් කටයුතු කරන බව ව්යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ඔහුගේ ෆේස්බුක් සටහන පහත පරිදි වෙයි...
රටේ වන අලි සම්පත අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 10 ක් ලබාදීමට මම සූදානම්.!
ආදරණීය මිතුරනි, මගේ 66 වෙනි උපන්දිනය අදට යෙදී තියනවා. ජීවිතේ කියන්නෙ හරි පුදුමාකාර චාරිකාවක් වුණත් දෛවය, උත්සාහය සහ කැපවීම නිසා මම අද වෙද්දි රටේ ඉහළම පිළිගැනීමක් සහිත දේශීය ව්යවසායකයෙක් බවට පත්වෙලා තියනවා.
මෙවර යෙදී ඇති මගේ උපන්දිනය වෙනුවෙන් ලොකු ප්රියසම්භාෂණ සංවිධානය කරල නැතත්, මගේ ආයතන මට්ටමින් පොඩි පොඩි සැමරුම් කිහිපයක් සංවිධානය කරලා තියනව කියලා දැනගන්නට ලැබුණා.
ඉතින් උදේන්ම අවදි වෙලා මේ සටහන ලියන වෙලාවෙත් මම කල්පනා කළේ මීට වසර පනහකට කළින් රැකියාවක් කරන්න කියල හිතාගෙන ගෙදරින් පැනල ආපු ඩඩ්ලි කියන හිතුවක්කාර තරුණයගෙ ජීවිතය අද කොයි තරම් නම් දුරකට පරිවර්තනය වෙලා තියනවද කියන එකයි.
මිත්රවරුනි, පහුගිය දෙසතියේම කාවන්තිස්ස මහ ඇතාට වුණ දේත් එක්ක මගේ හිත වෙනදා නොවූ තරමින් පුදුමාකාර විදියට පෑරිලයි තිබුණෙ. ඉතින් මෙවර මගේ උපන්දිනය වෙනුවෙන් මට වගේම රටටත් දැණෙන දෙයක් කරන්න කියලයි මම කල්පනා කළේ. ඉතින් මගේ හිතට ආපු එක්තරා අදහසක් සම්බන්ධයෙන් මම මගේ පුතා දිමිත්ර එක්ක කතා කරාම, එයා එක පයින් ඒකට කැමති වුණේ සතුන් සම්බන්ධයෙන් මගේ තියන ආදරය එයා හොඳාකාරවම හඳුනන නිසයි.
ඒ නිසා කාවන්තිස්සගෙන් ඉගන ගත් පාඩම යළිත් වෙනකෙකුට සිදු නොවන්නට වගබලා ගනිමින්, වන අලීන්ගේ සුබසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 100 ක පෞද්ගලික ධන පරිත්යාගයක් කරන්න මගේ උපන්දිනය දවසේ මම තීරණය කළා. විශේෂයෙන්ම මෙම මුදල් පරිත්යාගය සිදුකිරීමේදී අප අතරින් වියෝවූ මාගේ සුරතලා වූ 'බංචී' ද බොහෝමත්ම ආදරයෙන් යුතුව මා සිහිපත් කරනවා.
මේ මුදල් නුදුරු දින කිහිපයේදී රටේ පිළිගත් ප්රමුඛ පෙළේ විද්වතුන්ගෙන් සමන්විත කණ්ඩායමක් හරහා විවෘත අරමුදලක් නිර්මාණය කරමින් නිසි ක්රමවේදයක් යටතේ ලබා දෙන්න මම සූදානමෙන් ඉන්නවා.මේ සම්බන්ධයෙන් නුදුරු දිනයේදීම රටේ ජනතාව වෙත දැනුම් දෙන්නටත්, ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා යන දෙදෙනාම සම්බන්ධ කරගනිමින් මේ හරහා සත්ව සුබසාධනය වෙනුවෙන් පුළුල් කතිවාතක් නිර්මාණය කරන්නත් අදට යෙදී ඇති මාගේ උපන්දිනය දවසේ මම තීරණය කළා.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

