නීත්‍යනුකූල නොවන අන්දමින් දැව ළඟ තබා ගන්නා ලී මෝල් හිමියන්ගේ බලපත්‍ර වහාම අහෝසි කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දි ඇත.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්විමට අද (29) පෙරවරුවේ එක් වෙමිනි.
විෂය භාර අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය ජනාධිපතිතුමා එහි කටයුතු සොයා බැලීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ හමුවකට එක් විය.
එහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ වනවිනාශයට හේතුවන සියලූ විනාශකාරී තත්ත්වයන් වැළැක්වීමට පියවර ගත යුතු බවයි.
දිවයින පුරා වැටලීම් පුළුල් කරමින් දැව ජාවාරම මැඩැලීමට අදාළ නීතිරීති දැඩිව කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
එමෙන් ම ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ දැවැන්ත ව්‍යාපෘති ඔස්සේ වන ඝනත්වය ඉහළ නංවා ගැනීමට කටයුතු කරනවා සේම තිබෙන වන සම්පත රැකගැනීමට ද දැඩි නීතිරීති කි‍්‍රයාත්මක කරමින් කැපවී කටයුතු කිරීමේ වැදගත්කමයි.
සියලූම වර්ගයේ චේන්ෂෝ තහනම් කිරීමට පසුගියදා රජය ගත් තීරණය සහ එහි ප්‍රගතිය ද විමසා බැලූ ජනාධිපතිතුමා චේන්ෂෝ මෙරටට ගෙන්වීම තහනම් කරමින් කැබිනට් පති‍්‍රකාවක් කඩිනමින් ඉදිරිපත් කිරීමට ද පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දුණි.
එමෙන්ම අලූතින් වඩු මඩු ලියාපදිංචි කිරීම නතර කිරීමට ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
ජූනි 05 වනදාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව කි‍්‍රයාත්මක කිරීමට නියමිත වනසංරක්ෂණ සහ රුක් රෝපණ වැඩසටහන් පිළිබඳව ද සාකච්ජාවට බදුන් විය.
කෂිනි හපුආරච්චි
