වැඩ තහනමට ලක් වූ තැපැල් සේවකයෙකු( ලියුම් -බෙදන්නෙක් ) රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු, මත්පෙති හා අයිස් මත්ද්‍රව්‍ය සමග බත්තරමුල්ල බටපොත ප්‍රදේශයේ ලැගුම්හලක් තුළදී (10) අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි .
එම සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 4 මිලි ග්‍රෑම් 100අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 හා හදුනා නොගත් මත්පෙති 5 හා ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් 43000 මුදලක් පොලිසිය භාරයට ගෙන ඇත .
පසුගිය මැතිවරණයේදී ඡන්ද කාඩ් බෙදී මේ දී සිදුවූ අක්‍රමිකතාවයක් හේතුවෙන් මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින තැපැල් සේවකයෙකු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් දිල්රුක් මහතාට ලද තොරතුරක් අනුව සැකකරු සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකර මත්ද්‍රව්‍ය තිබෙන බවට තහවුරු කරගැනීමෙන් අනතුරුව වැටලීම සිදු කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරු රැඳී සිටි ලැගුම්හලේ කාමරයක් රුපියල් පහලොස් දහසක මාසික කුලී පදනම මත ලබා ගෙන මෙම ජාවාරම සිදුකරගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි ව සිටින සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා මුදල් ඒ සඳහා වැය කරන බව අනාවරණ වූ බව පොලිසිය කියයි.
සැකකරු මීට පෙරද ලියුම් බෙදන අවස්තාවේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙක් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
33 හැවිරිදි සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
