වඩුබාස්ගේ පොතේ රුපියල් මිලියන 100ක්
මන්නාරම අඩම්පන් පාලවිය ප්රදේශයේ වෙළඳසැලක් පරික්ෂා කළ යුද හමුදා සෙබලුන් පිරිසකට ඩෙටනේටර් 10 ක් තිබී හමු වී ඇති අතර එහි සිටි මුස්ලිම් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවට යුද හමුදාව පවසයි.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 54 බලසේනාවට අයත් සෙබලුන් පිරිසක් විසින් අදාළ ප්රදේශයේ අද (30දා) උදෑසන සෝදිසි මෙහෙයුමක් දියත් කළ අවස්ථාවේදී එක්තරා කඩ කාමරයක් වහලය පරික්ෂා කිරීමේදී ඩෙටනේටර් 10 ක් සඟවා තිබී හමු වී ඇත.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර කුඩා වඩුමඩුවක් පවත්වාගෙන ගිය අයෙකුද සිටින අතර ඔහුට අයත් බැංකු පොතක රුපියල් කෝටි 10 ක පමණ මුදලක් තිබී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ඩෙටනේටර් තොගය යුද හමුදා වැඩි දුර පරික්ෂණ සඳහා අඩම්පන් පොලීසිය වෙතට භාර දුන් බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

popular news
-
Kumar Thursday, 02 May 2019 12:41 AM
අමෙරිකවෙනම් ලොකු මුදලක් තැන්පත් කරනකොට බැංකුව දේශීය අදායම් බදු සේවයට දැනුම්දෙන්න ඔනෙ. ඩොලර් 750 ට වැඩි මුදලක් පිටරට යවනවානම් එයත් දනුදෙන්න ඔනෙ. මේ නීති පනවා ඇත්තෙ ත්රස්ත වාදීන් සහ පගාකරයින් අල්ල ගන්න කියලයි මම අසා ඇත්තෙ.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

