අධිකරණවල පවතින නඩු ස්වයංක්‍රියකරණය කිරීමටත් වීඩියෝ මගින් සාක්ෂි ලබා ගැනීම සඳහාත් අවශ්‍ය කටයුතු සිදු කර තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.
“කොළඹ අධිකරණ පවත්වා ගෙන යන්නේ වසර තුන් සියක් විතර පැරණි ගොඩනැගිලිවලයි. තවමත් තියෙන්නේ ලන්දේසීන්ගේ යුගයේ හදපු ගොඩනැගිලියි. මට මේ ගොඩනැගිලි පද්ධතිය අබලන් කියලා ගොඩාක් අය දොස් කියනවා.
දැන් අපි ඊට විසදුමක් විදිහට කොළඹ අළුත් කඩේ අධිකරණ සංකීර්ණයට යාබදව ඇති බී.සී.සී. ඉඩමේ අධිකරණ 40 කින් යුත් නව අධිකරණ සංකීර්ණයක් හදන්න කටයුතු යොදලා තියෙනවා.
මේවා ක්‍රියාත්මක වන්නේ මුදල් ආදිය ලැබෙන විදිහටයි.ඒ නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීමෙන් පසුව දැනට අධිකරණ පවතින ගොඩනැගිලි අධිකරණ කෞතුකාගාරයක් බවට පත් කරනවා.
සමහර අය මට ලිවුම් එවනවා මේ අධිකරණ ගොඩනැගිලි කඩා වැටුණොත් මම වගකියන්න ඕන කියලා.මට කලින් අධිකරණ ඇමතිවරු හිටයේ නැද්ද.මට ඇවිල්ලා ඔක්කොම චෝදනා කරනවා.මට ආරංචියි සමහර අය අධිකරණ නියෝගත් ගන්න යනවලු.
අපි රජයක් ලෙස උපරිම ආකාරයෙන් කටයුතු කරනවා. ඉතිං අධිකරණ උසාවිවල අඩු පාඩු තියෙනවා.ඒත් ඒවා අවුරුදු දෙකෙන් මේවා ඔක්කොම කරන්න බැහැ.අපි අධිකරණ ඇමති විදිහට පත් වුණේ 2017 වසරේදියි.ඒ කාලය තුළ විශාල වැඩ කොටසක් අපි කළා. මේ කාලය තුළ අපේ රටේ කාර්යක්ෂම අමාත්‍යාංශ අතරින් හතර වන ස්ථානය අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශය ලබා ගෙන තිබෙන බව කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිතුමා කිවුවා.
අධිකරණ පද්ධතිය තුළ විනිසුරුතුමන්ලාට අවශ්‍ය වර ප්‍රසාද උපරිම ආකාරයෙන් ලබාදීමට අපි කටයුතු කළා.ලංකාවේ අධිකරණවල හත් ලක්ෂ පනස් දහසක් පමණ නඩු තිබෙනවා.අපි ඒවා කඩිනම්න් විසදා අවසන් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
අපි අධිකරණවල පවතින නඩු ස්වයංක්‍රිය කරණය කිරීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන තිබෙනවා.වීඩියෝ මගින් සාක්ෂි ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන්න අපි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන තිබෙනවා.වෙන හැම කාලයකටම වඩා අපි අධිකරණ පද්ධතිය සදහා අවශ්‍ය පහසුකම් ලබාදීමට මේ වන විටත් පියවර ගෙන තිබෙන බව කිව යුතුයි”