විගණකාධිපතිගේ වැටුප් පිළිබඳ යෝජනාව ඉල්ලා අස්කර ගනියි
රජයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා වෙත මාසික වැටුප් හා දීමනා ගෙවීම සඳහා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ඉදිරිපත් කර තිබූ යෝජනාව ආණ්ඩුව විසින් ඊයේ (23දා) ඉල්ලා අස්කර ගත්තේය.
සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එම යෝජනාව ඉල්ලා අස්කර ගත් අතර, එලෙස ඉල්ලා අස්කර ගැනීමට හේතුව ජනතා විමුක්ති පෙරමුණ විසින් විමසා සිටියද, ආණ්ඩුව පාර්ශ්වයෙන් එයට පිළිතුරක් නොලැබිණි.
විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාට ඒස්ඒල් -04 වැටුප් පරිමාණයේ 08 වැනි වැටුප් පියවරේ පිහිටුවා වැටුප් ගෙවීම හා අනෙකුත් දීමනා ලබා දීමට යෝජනාව ඉදිරිපත් කර තිබිණි.

popular news
-
Champa Friday, 24 August 2018 08:57 PM
මේක තනිකරම විගණකාධිපති හරියට වැඩ කරන එකට කරපු පලිගැනීමක්. ලැජ්ජයි, අගමැතිතුමා! ලැජ්ජයි ජනාධිපතිතුමා! ලැජ්ජයි කතානායකතුමා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

