රැකියා විරහිත උපාධිධාරීන් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය (ඔල්කට් මාවතේ එක් මංතීරුවක්) හා ලෝටස් වටරවුම වසා තැබීමට පොලීසිය කටයුතු කර තිබේ.
මේ හේතුවෙන් ලේක්හවුස් වටරවුම ආශ්රිතව හා කොළඹ කොටුව අවට ප්රදේශයේ රථ වාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ.
විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.