ලෝක සූපවේද තරගාවලියට ලංකාවෙන් 15ක්
ලක්සම්බර්ග් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක සූපවේදීන්ගේ තරගාවලිය - 2026 සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට , ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංගමයේ 15 දෙනෙකුගෙන් යුතු සූපවේදීන් කණ්ඩායමක් 11/18 දින කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ .
වසර 04 කට වරක් පවත්වන මෙම තරගාවලිය , ලෝක සූපවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන අතර එය සදහා ලෝකයේ රටවල් 80 ක් නියෝජනය කරමින් සූපවේදීන් 4,000 ක පිරිසක් සහභාගී වීමට නියමිත අතර මෙම තරගාවලිය කාණ්ඩ 08 ක් යටතේ එළඹෙන 11/20 දින සිට 11/27 දින දක්වා පැවැත්වීමට නියමිතය .
මෙහිදී ශ්‍රී ලංකා සූපවේදීන්ගේ කණ්ඩායම රට පුරා විසිරී සිටින , තරු පංතියේ හෝටල් වල සේවයේ නිරත සූපවේදීන් පිරිසකගෙන් සමන්විතවේ .
මෙම සූපවේදීන් පිරිස ඔවුන්ට මේ සදහා අවශ්‍ය වන කිලෝ ග්‍රෑම් 1,000 ක පමණ උපකරණ තොගයක් ද සමග 11/18 දින අලුයම 03.50 ට ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 305 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ . ඔවුන් එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් ලක්සම්බර්ග් බලා ගමන් කිරීමට නියමිතය .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
