ලෝක ඇංග්ලිකන් සභාවේ අගරදගුරු ලංකාවේ සංචාරයක
ලෝකඇංග්ලිකන් සභාවේ අගරදගුරු ජස්ටින් වෙල්බි පියතුමා ශ්‍රී ලංකාවේ තුන් දින සහයෝගිතා නිල සංචාරයක් සදහා අද (29) දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
එංගලන්තයේ , කැන්ටබරි හි වාසය කරන එතුමා සමග එතුමාගේ බිරිඳ , රදගුරු ඇන්තනි ෆෝෂෝ සහ ප්‍රධාන කාර්යය භාර නිලධාරී කැනන් ඩේවිඩ් පෝටර් යන තිදෙනා ද පැමිණ සිටියහ
මෙම පිරිස අද දින උදෑසන 9.20 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .
ගුවන් තොටුපළ වෙත පිවිසි අගරදගුරුතුමා , ගුවන් තොටුපළ ස්වර්ණ පුස්තකයෙහි සිය සටහනක් තැබීමට පියවර ගත්තේය .
ඔවුන් පිළිගැනීම සදහා අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග , ජෝන් අමරතුංග ඇතුළු සම්භාවනීය පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අතර , පැමිණි අගරදගුරුතුමා ඇතුළු දූත පිරිස ගුවන් තොටුපළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැඳවා සංග්‍රහ සත්කාර ද ලබා දීමට පියවර ගෙන තිබුණි .
මෙම පිරිස මේ මස 31 දින තෙක් මෙරට රැදී සිටීමට බලාපොරොත්තු වන අතර , එහිදී ජනාධිපතිතුමා , අග්‍රාමාත්‍යතුමා , විපක්ෂ නායකතුමා , කතානායකතුමා හමුවී සාකච්ඡා කිරීමට නියමිත අතර , පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක් වූ මීගමුව , කටුවාපිටිය දේවස්ථානයට මෙන්ම කුරුණෑගල සහ මහනුවර ප්‍රදේශ වල ද සංචාරය කිරීමට නියමිතය .
කටුනායක - ටි.කේ.පි කපිල

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

