ලෝකාන්තය තුළ නුසුදුසු ලෙස හැසිරුණු අයට එරෙහිව නඩු
ලෝකාන්තය සංචාරක කලාපය නැරඹිම සදහා පැමිණෙන ජනතාව විසින් සංචාරක කලාපය තුළ නුසුදුසු ක්‍රියා හේතුවෙන් ඔවුන්ට එරෙහිව නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම වසරේ ගත වු මාස නවය තුළ පමණක් රුපියල් එක් කෝටි විසිහතර ලක්ෂ අසු පන්දහසක දඩ මුදලක් අධිකරණ නියෝග මත වැරදිකරුවන් වු අයට ගෙවිමට සිදුවු බව හෝර්ටන්තැන්න උද්‍යාන භාර නිලධාරී පි.කේ.පි.එමි. ප්‍රදිප් කුමාර මහතා පැවසීය.
හෝර්ටන්තැන්න (ලෝකාන්තය) නැරඹිමට අනවසරරෙන් ඇතුළු විම, සතුන් දඩයම් කිරිම ,මැණික් ගැරිම ,මත්පැන් පානය කර පරිසර විනාශ කිරිම ඇතුළු නොමනා ක්‍රියා සිදුකල අයට එරෙහිව නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම දඩ මුදල් ගෙවිමට සිදු වු බව ඒ මහතා පැවසීය.
ලෝකාන්තය (හෝටන්තැන්න) නැරඹිම සදහා පැමිණෙන සංචාරකයින්ගෙන් පරිසරයට සිදුවන හානිය වලක්වා ගැනිම සදහා ආරක්ෂක වැඩපිළිවෙලවල් කිහිපයක්ම ගෙන තිබෙන බව ප්‍රදිප් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
