ලොව වේගවත් පස්වැනි පන්දුව ස්ටාර්ක්ගෙන්
ලෝක ක්‍රිකට් පිටියේ පැයට කිලෝමීටර 160 සීමාව අබිබවා ගිය 05 වැනි පන්දු යවන්නා වීමට ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාර්ක්ට අද (15දා) හැකිවිය. ඔස්ට්‍රේලියාව හා නවසීන්තය අතර පර්ත්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද දිනයේදී ස්ටාර්ක් විසින් රොස් ටේලර් වෙත පැ.කි.මී. 160.4 ක පන්දුවක් එල්ල කළ අතර, එය ලොව පස්වැනි වේගවත්ම පන්දුව ලෙස ක්‍රිකට් වාර්තා අතරට එක්විය.
කෙසේ නමුත් වසර 12 ක සිට මේ දක්වා ලොව වේගවත්ම පන්දුව එල්ලකර ඇති පාකිස්තානයේ ෂොයිබ් අක්තාර් අබිබවා යමාට මේ දක්වා කිසිදු පන්දු යවන්නෙකුට නොහැකි වී ඇත. අක්තාර් 2003 වසරේදී එංගලන්තයට එරෙහිව පැ.කි.මී. 161.3 පන්දු යැවීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වේගවත්ම පන්දුව වේ.
අඩි 06 අඟල් 06 ක් උසැති 25 හැවිරිදි ස්ටාර්ක් 2011 වසරේදී නවසීලන්තයට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් අතර, ඔහු මේ දක්වා ටෙස්ට් තරග 23කට (ඉනිම් 33) සහභාගිවී කඩුලු 84ක් බිඳ හෙලා ඇත.
ලොව වේගවත්ම පන්දුව යැවීම (පැ.කි.මී.)
1.ෂොයිබ් අක්තාර් (161.3/ පාකිස්තානය)
2. බ්‍රෙට් ලී (161.1/ ඔස්ට්‍රේලියා)
3. ෂෝන් ටෙයිට් (161.1/ ඔස්ට්‍රේලියාව)
4. ජෙෆ්රි තොම්සන් (160.4/ ඔස්ට්‍රේලියාව)
5. මිචෙල් ස්ටාර්ක් (160.4/ ඔස්ට්‍රේලියාව)
6. ඇන්ඩි රොබඩ්ස් (159.5/ බ.ඉ. කොදෙව්)
7. ෆිදෙල් එඩ්වඩ්ස් (157.7/ බ.ඉ. කොදෙව්)
8. මිචෙල් ජොන්සන් (156.8/ ඔස්ට්‍රේලියාව)
9. මොහොමඩ් සාමි (156.4/ පාකිස්තානය)
10. ශේන් බෝන්ඩ් (156.4/ නවසීලන්තය)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

