“ලුණු නිෂ්පාදනය කරන්නේ මාලිමා රජයෙ උවමනාවට නොවෙයි. එය සිදුවන්නේ ස්භාවික ක්‍රියාවලියක් මතයි. ඒ නිසා මාලිමා රජය නිසා ලුණු නැහැ කියලා කියන අයට අපි කියනවා මේ තත්වය අපි නිසි ලෙස කළමණාකරණය කරමින් තිබුණා ලුණු රටපුරා ලබා දීමට කටයුතු කළා” යැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පුත්තලම ලුණු සමාගමේ නිරික්ෂණයට 19 දින එක්වෙමින් පවසන්නට විය.
ඇමතිවරයා මේ බව පවසා සිටියෙ ලුණු සම්බන්ධව රටපුරා විවිධ කන්ඩායම් රජයට එල්ල කරනු ලබන චෝදනා සදහා පිළිතුරු ලබා දෙමිනි.
මෙහිදි වැඩි දුරටත් කරුණු දැක්වු ඇමති සුනිල් හදුන්නෙත්ති මහතා.
“අපි පසුගිය කාලය පුරාම රටපුරා රජයට අයත් ලුණු සමාගම් වල තිබු ලුණු පාලනයක් සහිතව ලබා දීමට කටයුතු කලා.එය අවුරුදු සමයෙ කිසිදු ලෙසකින් ලුණු හිගයක් මතුවුනේ නැහැ.
ඒ වාගේම ඔය සමහරු කියන විදිහට රට වටේටම මුහුද තිබුනත් ලුණු ඇටයක්වත් හදා ගන්න බැහැ කියලා අපිට චෝදනා කරන අයට අපි කියන්නේ මුහුද වටේට තිබුන පලියට මේ ලුණු නිෂ්පාදනය අපිට උවමනා ලෙස සකස් කරන්න බැහැ.එයට නිසි ලෙස අව් රශ්මිය පමනක් නොවේයි සුළගත් තිබිය යුතුයි.ඒ අනුව එහි පවතින ස්භාවික ක්‍රියාවලියක් මත මෙය තමයි සිදුවන්නේ.
මෙවන විට පවතින ගැටළුකාරි තත්වය හේතුවෙන් තමා අපි ලුණු ආනයනය කරන්න කටයුතු කලේ පසුගිය කාලයෙ යම් ගැටළු කාරි තත්වයක් මතු වුනා ඉන්දියාවේ පැවති යුධ තත්වය මත මොකද ඉන්දියාවේ හොදම ලුණු තිබෙන්නේ ගුජරාට් වල ගුජරාට් වරාය පසුගිය දින කිපයක් වසා තැබිම අපිට ගැටළුවක් මතුවුනා.
නමුත් ඉදිරියෙදී මෙම තත්වය මග හැරි යයි .මොකද තව දින දෙකකින් ලංකාවට අදාල ලුණු තොගය ඒමට නියමිතයි”යැයි පවසන්නට විය.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යවරයා හා පුත්තලම දිස්ත්‍රික් ජාතික ජන බලවේගය පක්ෂයෙ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අජීත් ගිහාන් හා මොහොමඩ් පයිසාල් මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව තිබුනී.
එහිදි පුත්තලම ලුණු සමාගමයේ ලුණු නිෂ්පාදනය සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක් පාලනාධිකාරීය විසින් ඇමතිවරයාට කරුණු පෙන්වමින් පහදා දුන්නේ පුත්තලම ලැබෙන සාමාන්‍ය වර්ෂාපතනයට වැඩි තුන් ගුණයක වර්ෂාපතනයක් පසුගිය වසර වලදී ලැබිම හේතුවෙන් ලුණු නිෂ්පාදනය අඩාල වු බවයි.
ඒ සමගම දින කිපයකින් තම ලේවායන් තුළින් ලැබිමට නියමිතව තිබු ලුණු මෙට්‍රික් ටොන් සිය ගනනක අස්වැන්න හදිසියෙ නොසිතු ලෙස ලැබුන මහ වැසිත් සමග සම්පුර්ණයෙන් අහිමි වු බවත් එය යලි නැවත ලබා ගැනිමට තවත් කාලයක් ගත වන බව පවසන්නට විය.
මෙහිදි ඇමතිවරයාට ලුණු නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවන ආකාරය නිෂ්පාදන කළමණාකරු විසින් සියලු දත්ත සමග පැහැදිලි කරන්නට විය.
ඉන් පසු ඇමතිවරයා ලුණු සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලිය අධික්ෂණය කරන්නට වු අතර එහි නිෂ්පාදන සිදුවන ප්‍රදේශයට ගොස් එය සොයා බැලිමට අමතක නොකල අතර එහිදි මේ වන විට එම භුමියෙ ගබඩා කර ඇති මෙට්‍රික් ටොන් 500 කට ආසන්න ලුණු තොග පරික්ෂා කරන්නට වු අතර එම ලුණු නැවත අදාල ක්‍රියාවලියකින් පසු ආහාර සදහා ලබා දීමට තවත් මාස කිපයක් රැදවිය යුතු බවත් එසේ නොවුනහොත් ලුණු වල නියමිත ගුණාත්මක භාවයක් නොමැති බවට පැහැදිලි කරන්නට විය.



