මිල්ලනියේ පොදු ජන සේවා මධ්‍යස්ථානයේ භූමියක තාවකාලිකව ගහන ලද බංකුවක් මත තිබි ජිව උණ්ඩ තුනක් හමු වු බව මිල්ලනිය පොලීසිය පවසයි.
බෝර දොළහ වර්ගයේ ගිනි අවි වලට යොදන ජිව උණ්ඩයක් ,නයිමි එම් එම් ගිනි අවි වලට යොදන උණ්ඩයක් හා ටී පනස් හයේ පුපුරණ උණ්ඩයක් ඒ අතර වු බව පොලීසිය පවසයි.
ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ ඉදිරිපිට ගහන ලද ලෑලි බංකුවක් මත උණ්ඩ කිහිපයක් තිබෙන බවට ගොවි ජන සේවා සංවර්ධන නිලධාරියෙකු මිල්ලනිය පොලීසිය වෙත කරන ලද දැනුම් දිමකට අනුව එහි ගිය පොලිස් නිලධාරින් මෙම උණ්ඩ තොගය පොලීසිය වෙත ගත් බව පොලීසිය පවසයි.
මිල්ලනිය පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
මත්තේගම - බිමල් ශ්‍යාමන්