ලසන්ත වික්රමතුංගගේ දියණියගෙන් ජනපතිට ලිපියක්
ඝාතනය කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට ලබාදුන් ස්ථාන මාරුවට විරෝධය දක්වමින් ඇය මෙම ලිපිය යොමුකර තිබේ.
ඒසේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 73 වැනි උපන්දිනය යෙදී තිබුණ පසුගිය 18 දා ඔහු සහභාගී උත්සවයට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද ඒක්වූ බවත් ඒදිනම පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබුණ බවත් ඇය සිය ලිපියෙන් සඳහන් කරයි.




popular news
-
Champa Tuesday, 20 November 2018 06:31 PM
මොකක්ද ඇත්තටම මෙතන තියෙන ප්‍රශ්නේ? විමර්ශන කරන සෑම පොලිස් නිලධාරියෙක්ම නිවැරදිව ඒවා කරන්න බැඳිලා ඉන්නවා. ඒ හින්ද එකම පොලිස් නිලධාරියෙක් ඕනේ කියල ඉල්ලන එකේ තේරුම මොකක්ද? ඒ නිලධාරියා මාරු කළා නම් ඊළඟට පත් වෙන නිලධාරියා එතන ඉඳන් ඉතුරු වැඩ ටික කරගෙන යනවා. ඒක තමයි පිළිගත් සම්ප්රදාය අපරාධ පිලිබඳ නඩු විභාග වලදී. අපරාධ පරීක්ෂණ කරන්න පිළිගත් ක්‍රමවේද තියෙනවා. ඒක කරන්නේ නිශාන්තද, කමල්ද, වික්ටර්ද කියන එක අදාළ නැහැ. මේ නිලධාරියාම ඉල්ලනේ එයා UNP කාරයෙක්ද?
Reply : 0 11
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

