ලබුදූව උසස් තාක්ෂණ ආයතනය දින 2ක් වසයි
ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් දෙපාර්ශවයේම සිසුන් පස් දෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අක්මිමන පොලීසිය පවසයි.
මෙම ගැටුමෙන් පසු ඉංජිනේරු පිඨයේ සිසුන් සඳහා දින දෙකක නිවාඩුවක් ලබා දිමට ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ පාලනාධිකාරිය විසින් පියවරගෙන ඇත.
ඊයේ (29දා) උදෑසන උසස් තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු පිඨයේ හා තොරතුරු තාක්ෂණ අංශයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුන් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
ඊයේ දහවල් 2.30ට පමණ යළිත් මෙම දේපාර්ශවය අතර ගැටුමක් ඇතිවී තිබෙන අතර එම ගැටුමේදි ඉංජිනේරු පිඨයේ සිසුන් තිදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇත.
මෙම ගැටුමට පිටතින් පැමිණි තරුණයින් හය දෙනෙකුද සම්බන්ධ වි ඇති බව පොලීසිය පවසයි. දේපාර්ශවය අතර ගල් ප්රහාරයක්ද එල්ලවී ඇති බව පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.
ජිනේෂ් නානායක්කාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

