ලබන වසරේ මුල සිට රට සම්පුර්ණයෙන්ම විවෘත කරනවා
සියළුම පාසල් වල සිසු සිසුවියන්ට මේ වසර අවසන් වන විට එන්නත ලබා දි ලබන වසරේ මුල සිට රට සම්පුර්ණයෙන්ම විවෘත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ (29) දින නාවලපිටිය ශ්‍රි පාද පිරිවෙන් විහාරස්ථානයේ ඉදි කිරිමට යෝජිත දාහත් රියන් බුබුලාකාර ධාතු මන්දිරයක් සහිත ස්ථුපයේ ඉදි කිරිම් අරම්භ කිරිමේ අවස්තාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුතගමගේ මහතා කියා සිටියේ ලෝක කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්ත සම්පුර්ණයෙන්ම කඩා වැටිම නිසා රටේ ආදායම් තත්ත්වය සම්පුර්ණයෙන්ම කඩා වැටි ඇති බවයි.
එවැනි තත්ත්වයක් මත අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව අනෙකුත් රටවල් වලට සාපෙක්ෂව මේ රටේ බහුතර පිරිසකට එන්නත්කරණය සිදු කර ඇත.
කුමන බාධක පැමිණියද රටේ ආර්ථිකය ඉහල දමමින් රටේ සංවර්ධන කටයුතු එලෙසෙම සිදු කරන බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
popular news
-
L.G.P.Jathunarachchi. Saturday, 30 October 2021 04:10 PM
Hon Minister will fail for the purpose !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

