ලැජ්ජයි - අර්ජුන
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දුෂණ මර්දන කාර්යාලයක් ලංකාවේ පිහිටුවීමට කටයුතු කිරීම රටට ලැඡ්ජාවක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ඔහු මේ බව කියා සඳහන් කළේ ගම්පහ ප්‍රදේශයේ පැළ බෙදා දීමේ උත්සවයකට සහභාගි වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
“පසුගිය 2015 ජනවාරී මාසයේ අපි හදපු ආණ්ඩුවේ අවාසනාවන්ත ක්‍රීඩා ඇමැතිවරු සහ ඒ ක්‍රීඩා අමාත්‍යවරුන්ට ආවණය දෙන බුකිකාරයෝ හිටියා. ඔවුන් එකතුව ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළා. ඒ ගැන අපි ජනාධිපතිතුමාට අනන්තවත් කිව්වා. අගමැතිතුමාටත් අනන්තවත් කිව්වා.
නමුත් මේ අවුරු හතරට කරපු විනාසය දැන් අපි භුක්ති විඳමින් ඉන්නවා. දැන් තරග පාවාදීම් අහුවෙලා තියෙනවා. ලෝක ක්‍රිකට් කවුන්සිලය තරග පාවා දීම් ගැන වෙනම ඒකකයක් මේ රටේ ස්ථාපිත කරන්න හදනවා. ඒක රටට ලොකු ලැජ්ජාවක්. මීට කලින් ජනාධිපතිතුමා ළඟ ඉන්න පිරිසක් තමයි ක්‍රිකට් පාලනය කළේ. ඒ අය මේ තත්ත්වයට වගකියන්න ඕන.”

popular news
-
Sunanda Friday, 18 January 2019 12:59 PM
නූබෙ පියා හොඳ වැදගත් මනුස්සයෙක් ගම්පහා අපි දන්නවා මුලු ඉතිහාසෙම. නුබලා කිසිම දවසක ඒ මනුස්සයගේ ලඟින්වත් යන්න පුලුවන්ද හිතලා බලපල්ලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

