ලෝක කුසලානයේදී දඩුවම් ලැබූ ක්රීඩකයා ක්රීඩාවට සමුදෙයි
- 22 10 2019
- 15:13
- {{hitsCtrl.values.hits}} views
- ඕෂිත වරකාපිටිය
ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයේදී රතු කාඩ්පතක් ලැබූ ප්රංශ ක්රීඩක සෙබස්තියන් වහාමහිනා රග්බි පිටියට සමුදීමට තීරණය කොට ඇත. එය (22දා) ප්රකාශයට පත් කරමින් හෙතෙම සඳහන් කරන්නේ මෙම සමු ගැන්ම ලෝක කුසලානයේදී තමන්ට ලැබුනු කළුපැල්ලම හේතුවෙන් ලබා ගත්තක් නොවන බවත් එය තමා පෙර සිටම සැලසුම් කරන ලද්දක් බවයි. 28 හැවිරිදි වහාමහිනාට තරගාවලියේ වේල්සය පැවති තරගයේ 49 වැනි මිනිත්තුවේදී රතු කාඩ්පතක් හිමිවී තරගයෙන් ඉවත්වීමට සිදුවන්නේ ප්රතිවාදී කණ්ඩායම් ක්රීඩකයෙකුගේ හිසට සිය වැලමිටින් ප්රහාරයක් එල්ල කිරීම හේතුවෙනි. කෙසේ වෙතත් මෙම තරගයේදී තියුනු තරගයකින් පසු ලකුණු 20-19 ක් ලෙස පරාජය වීමට ප්රංශයට සිදුවූ අතර ඒ හේතුවෙන් ඔවුන්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

වහාමහිනාට රතු කාඩ්පත හිමිවූ පහරදීම

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
