ලකාවට ෂරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නෑ - අගමැති
මෙරටට ෂරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නොවන බවත් එම නිසා විශ්වවිද්‍යාල පනත අනුව උපාධි ප්රදානය කරන ලබන ආයතන හැමටම විවෘත විය යුතු බවට සහ සියලූ දෙනාටම අධ්‍යාපනය ලබාගැනීමට හැකි වාතාවරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරන වෙනත් කොන්දේසි ද ඊට ඇතුලත් කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17) දින අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව පැවසීය.
මද්රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව තව දුරටත් නීතිපති දෙපාර්තමේන්තුව හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සංශෝධිත පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ මද්රසා ඇතුළු ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයින් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සමඟ අද (17) දින අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමිනි.
“මෙරටට ශරියා විශ්ව විද්‍යාල අවශ්‍ය නොවන බව මම මෙහිදී අවධාරණය කළා. එම නිසා විශ්ව විද්‍යාල පනත අනුව උපාධි ප්රදානය කරනු ලබන ආයතන සියලු දෙනාටම විවෘත විය යුතුයි. සියලු දෙනාටම අධ්‍යාපනය ලබා ගැනීමට හැකි වාතාවරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන වෙනත් කොන්දේසි ද ඊට ඇතුළත් කිරීමට කටයුතු කරනවා. ඒ අනුව සෑම ආගමකම, සෑම ජාතියකටම විවෘත කර නිසි පාලනයක් ඇතිව පවත්වා ගෙන යාමට හැකි තත්ත්වයක් ඇති කරනවා.”

popular news
-
Kumar Saturday, 18 May 2019 08:57 AM
අගමැතිතුමාගේ කතාව සම්පුර්ණයෙන් ඇත්ත. ෂරියා විශ්ව විද්‍යාලයක් අමෙර්කවෙවත් නැහැ. ෂරියා නීති අනුව තම හිස් ගසා දමන්නෙ, කසපහර දෙන්නෙ, අතපය කපදමන්න නියම කරන්නෙ.
Reply : 0 58
Champa Saturday, 18 May 2019 11:59 AM
ෂරියා විශ්ව විද්‍යාලය අවශ්‍ය නැහැ කියල පක්ෂ විපක්ෂ දේශපාලකයෝ හැමෝම කියනව. ඔය ඉඩම කාගේද? ආණ්ඩුවේද? ඕක රජයට පවර ගෙන ගොඩනැගිලි ටික demolish කරලා දන්නා ඕනේ.
Reply : 0 50
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

