ලක්ෂ 50කට අධික අයිස් මත්ද්‍රව්‍ය මෙරටින් පිට කිරිමට තැත් කිරිමේදි අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අද (27) දින උදෑසන 9.00 ට පමණ ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය .
මෙම ඉන්දීය ජාතිකයා නිතර නිතර ගුවන් මගින් ව්‍යාපාරික කටයුතු සිදු කරන තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි අයෙකු වන අතර , ඔහු අද දින උදෑසන 8.30 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 002 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර , ගුවන් තොටුපළ තුළ අත්හැරුණු ගමන් මල්ලක් රැගෙන යෑම සඳහා ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රැදී සිට තිබේ .
මෙම ගමන් මල්ල පිළිබඳව සැක සිතූ රේගු නිලධාරීන් , එය ස්කෑන් පරීක්ෂණයකට ලක් කරද් දී , එහි පැත්තක , දුඹුරු පැහැති කඩදාසි කොළ වල ඔතා , සාරි ගොඩක් තුළ , ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ .
මෙතැම්පටමයින් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම මත්ද්‍රව්‍ය , ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල තරුණයන් අතර විශාල වශයෙන් ජනප්‍රිය මත්ද්‍රව්‍යයක් බව රේගුව අනාවරණය කරගෙන තිබේ .
මෙහි ග්‍රෑම් 500 කට අධික බරකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය .
කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්යක්ෂ එම්.ඒ.කරුණාරත්න මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ , නියෝජ්‍ය රේගු අධ්යක්ෂවරුන් වන ඩී.පී.එම්.ගුණවර්ධන , කේ.එච්.පී.
කුමාරසිරි සහ ආර්.රුෂාන්දන් , රේගු අධිකාරී සේනක ඇරැව්පොළ , නියෝජ්‍ය රේගු අධිකාරී ශ්‍රී ලාල් විජේවර්ධන , සහකාර රේගු අධිකාරීවරුන් වන අරුණ සමරසිංහ සහ ජීවන් සමරවික්‍රම යන මහත්වරුන් මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

