ලක්ෂ 254ක අයිස් සමග මව හා දියණිය අත්අඩංගුවට
රුපියල් දෙකෝටි පනස් හතර ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ මවක හා දියණියක ඊයේ (07දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් දෙදෙනා ඉන්දියාවට ගොස් රෙදි පිළි මෙරටට රැගෙන විත් අලෙවි කරන ව්යාපාරිකාවෝ වෙති.
මෙහි මව වත්තල ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි වියේ පසුවන්නියකි. ඇයගේ දුව 36 හැවිරිදි , කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
ඔවුහු රැගෙන ආ ගමන් මලු වල තිබූ රෙදි පිළි අතර වූ , සිවිලිම් විදුලි පංකා අඩංගු පෙට්ටි දෙකක මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබුණ.
මව විසින් රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්රැම් 01 යි ග්රැම් 500 ක් ද , දියණිය විසින් රුපියල් එක් කෝටි හාර ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්රැම් 01 යි
ග්රැම් 040 ක් ද සගවා ගෙන සිටිය බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
ටී.කේ.ජී. කපිල

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
