ලංවිම කෝටි 10000ක පාඩුවක්
ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 10000ක පමණ පාඩුවක සිටින බව විදුලි බල අමාත්‍ය රවී කරුණායක මහතා පවසයි.
අධික මිලට විදුලිය ජනනය කිරීම මේ සඳහා හේතුවක් වී ඇති බව ඔහු සඳහන් කරයි. කොළඹදී පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
“රටේ යටිතල පහසුකම් සපයන ප්‍රධාන ආයතනයක් වන ලංකා විදුලිබල මණ්ඩලය අද සිටින්නේ කෝටි 10,000 ක් පමණ පාඩු ලබන තත්ත්වයක. මෙම තත්ත්වය වෙනස් කරලා, මෙම කෝටි 10,000 රටේ සංවර්ධනයට, ස්වයං රැකියා ප්‍රවර්ධනයට යොදවන්න පුළුවන්නම්, මොනතරම් වෙනසක් සිදුවේවිද.
නමුත් රටේ දේශපාලඥයින් මීට පෙර ගත්ත තීන්දු තීරණ නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිවිපාක තමයි අද අපට විදින්න සිදුවෙලා තිබෙන්නේ. රු. 15.00 ට රු.16.00 ට නිපදවන්න පුළුවන් විදුලි ඒකකයක් නිපදවන්න රු. 40.00 රු. 50.00 ක් වියදම් කරන්නේ මොන අපරාදයක්ද.
අද සමෘද්ධි ලාභීන් ලක්ෂ 21 කට වෙන්කරලා තිබෙන්නේ රු.කෝටි 6700ක් පමණයි. නමුත් විදුලිබල අමාත්‍යාංශය රු. කෝටි 10,000 ක් නැති කරනවා මේ වගේ අධික මිලට විදුලිය ජනනය කරන්න. කොහොමද ඉතින් රටක් සංවර්ධනය කරන්නේ "යැයි පැවසිය.

popular news
-
dilal Monday, 24 June 2019 03:48 PM
ඔබතුමා හැමතිස්සෙම පෙන්නන්න දඟලනවා ඔබතුමාට අනිත් අයට වඩා යමක් කරන්න පුළුවන් කියා .කියන්න බලන්න මේ විදුලි අර්බුදය විසදන්න ඔබතුමා ගත් ක්‍රියාමාර්ග මොනවද කියා.
Reply : 0 0
fernado Monday, 24 June 2019 04:51 PM
සේවකයෝ වැඩ කරන් නෑ .ඔහේ ඉන්නවා.එත් ලොකු පඩි ගන්නවා .දීමන ගන්නවා .ඉතින් පාඩු ලබන එක අහන්නත් දෙයක්ද
Reply : 0 0
චමින්ද Tuesday, 25 June 2019 06:51 AM
2019.07.01 විදුලි බිඳවැටීම් ගැන පැමිණිලි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාලයට දන්වන්න යයි දැන්වීමක් මෙවර වැදුලි බිලත් සමග ලැබුනා.මෙතෙක්කලක් ප්‍රාදේශීය විදුලි අධිකාරීට කියපු සැනින් වරද නිවැරදිකර ගැනීමට තිබුන අවස්ථාවත් මෙයින් නැතිවේදැයි සිතෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

