ලංගම හා පුද්ගලික බස් රථ වල වෙළඳාම තහනම්
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියලුම පුද්ගලික හා ලංගම බස් රථ තුළ සිදු කෙරෙන විවිධ ද්‍රව්‍ය අලෙවි කිරීම වහාම නැවැත්වීමට පියවර ගන්නැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසම හා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දුන්නේය.
ඇතැම් ජංගම වෙළෙන්දන් විසින් සෞඛ්‍යාරක්ෂණ පිළිවෙත් අනුගමනය නොකරමින් කටයුතු කරන බවට මහජනතාව විසින් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයට පැමිණිලි කර තිබේ.
ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාර්තු මාසයේ සිටම දුම්රියවලට ජංගම අලෙවිකරුවන් ඇතුල්වීම වළක්වා ගැනීමට කටයුතු යොදා තිබේ.
ඇතැම් ජංගම වෙළෙඳුන් විසින් පුද්ගලික, ලංගම බස් රථ තුළ ඇතැම් ආහාර ද්‍රව්‍ය, වතුර බෝතල් හා රඹුටන් ආදි පලතුරු වර්ග අලෙවි කිරීම සිදු කරනු ලබයි.
මෙම පුද්ගලයින් විසින් දිනපතා බස් රථ ගණනාවකට ගොඩ වෙන අතර ඔවුන් විසින් සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය නොකරමින් සිදු කරන මෙම කටයුතු හේතුවෙන් කොවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ ඉහළ බව පෙනී යයි.
එම නිසා වහාම එම ජංගම වෙළෙඳ කටයුතු නැවැත්වීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන් අමාත්‍යවරයා එම කටයුතු පාලනය සඳහා නිලධාරින් යෙදවීමට මෙන්ම ආරක්ෂක අංශවල සහයෝගය ද ලබා ගන්නා ලෙස දැනුම් දුන්නේය.

popular news
-
ranjith Wednesday, 15 July 2020 09:53 AM
hoda deyak nethinam jara muwa wesum dagena kela wisi wewi bus wala keegahamin weladam karanawa
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

