ලංගම බස් රථවල ඉන්ධන ගිලීම නැවැත්වීමට යාන්ත්‍රණයක්
ලංගම බස් රථවල “ඉන්ධන ගිලීම” නැවැත්වීමට ඉන්ධන මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දීම Fuel Operation system ජනවාරි මාසයේ සිට.
ලංකා ගමනාගමන මණ්ඩලය විසින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ධාවනය කෙරෙන බස් රථ 5400ක පමණ ප්‍රමාණයක් මගින් දිනකටආවරණය කෙරෙන මාර්ග ප්‍රමාණය කිලෝ මීටර් මිලියන 102.2කි.
මෙම ගමන්වාර වල දී ලංගම බස් රථ විසින් එක දිනක දී දහනය කරනු ලබන ඩීසල් ප්‍රමාණය ලිටර් 3, 75000ක් වන අතර ලංගම දිනකට උපයන ආදායමෙන් සියයට 50ක් ම වැය කිරීමට සිදුව ඇත්තේ ඉන්ධන සඳහා වීහ විශේෂත්වයකි.
එමෙන්ම එක් බස් රථයක් අවස්ථා දෙකක දි රියදුරන් දෙදෙනෙක් විසින් පදවන අවස්ථාවන් හි දී දහනය වන ඉන්ධන ප්‍රමාණය ගත් විට විශාල වෙනසක් පවතින බව ලංගම කළමනාකාරිත්වය විසින් සිදු කරන ලද දත්ත විශ්ලේෂණවල දි පෙනී ගොස් ඇත. ලංගම දිනකට උපයන මුදල රු. මි. 05- 06ත් අතර වේ.
ලංගම ආදායම වැඩි කර ගැනීමට නම් ඉන්ධන භාවිතයේ දි අරපිරිමැස්මෙන් යුතුව කළමනාකරණය කිරීම සම්බන්ධව අවධානය යොමු කරන්නැයි ප්‍රවාහණ කළමණාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලංගම කළමණාකරණයට උපදෙස් දී තිබිනි.
ඒ අනුව එම මණ්ඩලය විසින් 2020 ජනවාරි මස සිට ඒ නව ව්‍යාපෘතියක් හඳුන්වා දී ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති නිතිඥ කිංස්ලි රණවක මහතා ඊයේ (30) අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.
මෙම වැඩපිලිවෙළ ඉන්ධන මෙහෙයුම් පද්ධතියක් Fuel Operation system ලෙස හඳුන්වා දී ඇති අතර එමගින් ඉන්ධන දහනය අවම කර ගනිමින් බස් රථය ධාවනය කිරීම සම්බන්ධව රියදුරන්ට කාර්මික උපදේශන ලබා දීමට නියමිතය.
දැනට කර ඇති දත්ත විශ්ලේෂණය අනුව දුරගමන් සේවාවන් සඳහා ධාවනය වන බස් රථයක් රියදුරන් දෙදෙනෙක් වාර දෙකක දී එකම බස් රථය පදවන විට දහනය වන ඉන්ධන ප්‍රමාණය ලීටර් 80 සිට 85 හෝ 90 දක්වා වෙනස් වේ. එසේ සිදුවන්නේ එක් එක් රියදුරන් විසින් රථය ධාවනය කරන විට පවතින ධාවන ශෛලියේ වෙනස්කම් නිසාය. එමනිසා ඉන්ධන උපරිම වාසි සැලසෙන පරිදි බස් රථ ධාවනය කිරීම පිලිබඳව මෙම තාක්ෂණික උපදෙස් ලබා දීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය ජනවාරි මස සිට ක්‍රියාත්මක කෙරෙන්නේ ඉන්ධන දහනය අවම කිරීමට මෙන්ම පරිසර හිතකාමි ව්‍යාපෘතියක් ද වශයෙනි. ලංගම සතුව පවතින ඩිපෝ 107 ම තුළ මෙකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඩීසල් වැඩිපුරම දහනය කරන ආයතන අතර අංක එක විදුලි බල මණ්ඩලය වන අතර, දෙවන ස්ථානය ලංගම බව ද මෙහිදී අමාත්‍යවරයා පවසයි.
popular news
-
samson de silva Tuesday, 31 December 2019 12:25 PM
Langamata thiyenne maara bus thogayakne. Dinakata diesel litre 3,75000k paawichchi kota dinakata kilometre 102200000 (102.2 million) dhawanaya karanawa. Ethakota mey bus diesel litre ekakin kilometre 272k (102200000 bedeeema 375000) duwanawaa. Maarai neda? Aney mulu lokayatama mema thaakshanaya kiya dennako.
Reply : 0 0
Kumar Tuesday, 31 December 2019 10:24 PM
ලංගම ධාවනය කරන බොහෝ බස් රථ පවතින්නේ ඉතාම අබලන් තත්වයකයි. ඊට අමතරව මහපාරේ ඇති වාහන තබදය නිසා ඉන්ධන නිකරුනේ අපතේ යනවා. නුවර පාරේ වරකාපොල සහ අඹේපුස්ස අතර වාහන තබදය අමතක කරන්න බැහැ. මංසන්දියක මංතීරු දෙක ගන්නේ ඇති නම් වාහන පේලි හතරක් එක දිසාවක සැදෙනවා. එලිය කොලපාට වුනගමන් තරගයක මෙන් යතුරුපැදි 10 එක ගමනම පිටත් වෙනවා. ඊට පසු ත්‍රි රෝද රථ පහක් පමණ ඉදිරියට අධිවේගයෙන් යන අතර ඊට පසුව තමා අනෙක් වාහන ගමන් කරන්නේ. ඉතින් කොහොමද ඉන්ධන ඉතිරි වෙන්නෙ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

