ලංකාවේ විශාලම සුළං බලාගාර උද්‍යානය මන්නාරමට
ශ්‍රී ලංකාවේ විශාලම සුළං බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව හිමිකර ගැනීමට ඩෙන්මාර්කයේ වෙස්ටාස් සමාගම සමත්ව තිබේ.
මොගාවොට් 104ක සමස්ත ධාරිතාවයකින් යුක්ත මෙම සුළං බලාගර උද්‍යානය මන්නාරමදී ඉදිකිරීමට නියමිතය.
ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදුකළ ජාත්‍යන්තර ටෙන්ඩරයකින් ඔවුන් මෙම අවස්ථාව හිමිකර ගෙන තිබේ.
ව්‍යාපෘතිය මේ වසරේ මුල් කාර්තුවේදී ආරම්භ කිරිමට නියමිත අතර එය 2020 වසරේ තෙවැනි කාර්තුවේදී අවසන් කිරීමට නියමිතව තිබේ.
ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර වසර 19කට පසුව තම සමාගම යළිත් ලංකාවට පැමිණෙන බව වෙස්ටාස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

popular news
-
ase Thursday, 03 January 2019 10:15 AM
විශිෂ්ට කාර්යක් ජයවේවා !!
Reply : 1 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

