ලංකාවේ විශාලතම ධිවර වරාය හදන්න ජනපති උතුරට
පේදුරුතුඩුව ධීවර වරායේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ සිදුවිය.
” මෙන්ම “ධීවර ක්ෂේත්රය සඳහා වන තිරසර ධීවර කර්මාන්තය තුළින් දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛයා බවට පත්වීම”ඉදිරි දැක්මේ තවත් පියවරක් තබමින් උතුරේ ධීවර කර්මාන්තය නංවාලීමේ වැඩසටහන යටතේ ඉදි කෙරෙන මෙම ධීවර වරාය ලංකාවේ මෙතෙක් ඉදි කරන විශාලතම ධීවර වරාය වන අතර ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 12,600කි.
විශාල ප්‍රමාණයේ බහුදිනයාත්රා 300කට එකවර පහසුකම් සැපයීමට හැකි මෙම වරාය හෙක්ටයාර 7.1ක වපසරියකින් සමන්විත අතර වරාය බේසම හෙක්ටයාර් 18.6කි.
වරායේ දිය කඩනයන් පිළිවෙලින් මීටර් 880කින් හා 480කින් යුක්ත ය.
ලෝකයේ ඇති නවීනතම ධීවර යාත්‍රා ආරක්ෂිතව හැසිරවීම, අස්වනු ගොඩබෑම, ඉන්ධන හා අනෙකුත් දෑ පැටවීම, යාත්‍රා අලූත්වැඩියාව, අයිස් හා ශීතාගාර පහසුකම්, යාත්‍රා සඳහා උපකරණ ලබා ගැනීම, මත්ස්‍ය අලෙවිය, දැල් සැකසීම, වෙළෙඳ සල්, රැස්විම් සහ සාකච්ජා පහසුකම්, වෙරළාරක්ෂක සේවා, ධීවර දෙපාර්තමේන්තු නිලධාරින්ගේ සේවා වැනි අංග සම්පූර්ණ පහසුකම් සහිත ධීවර වරායක සේවා මෙහිදී ලබාගත හැකි වනු ඇත.
අමාත්‍ය පී.හැරිසන්, අබ්දුල්හලීම්, උතුරු පළාත්ආණ්ඩුකාර සුරේන් රාඝවන්, කාදර් මස්තාන්, අංගජන්රාමනාදන්, එම්.ඒ සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරන් සහ පළාතේ මහජන නියෝජිතයන් රැසක්ද , ජනාධිපති ලේකම් උදය අර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කෂිනි හපුආරච්චි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

