ලංකාවේ ප්‍රථම රෙටිනල් කැමරාව අක්ෂි රෝහලට
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අධි තික්ෂණික රෙටිනල් කැමරාවක් මගින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂා කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරන්නේ සැප්තැම්බර් 21 දා සිට ඔක්තෝබර් 21 දා දක්වා ජාතික අක්ෂි රෝහලට පැමිණ මෙම පරීක්ෂාව නොමිලයේ කරගත හැකි බවයි.
මෙම රෙටිනල් කැමරාව කොළඹ ජාතික අක්ෂි රෝහලේ ස්ථාපිත කිරීමට නයමිත අතර ඉතා නිවැරදිව ඉක්මනින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂා කිරීමට මේ හරහා අවස්ථාව තිබේ.
නිවාඩු දින වලදි හැර සතියේ වැඩකරන දිනවලදී පෙ.ව. 8.00 සිට සවස 4.00 දක්වා අක්ෂි රෝහලේ අංක 30 පරීක්ෂණ කාමරයෙන් මෙම පරීක්ෂණය සිදුකර ගත හැකිය. ඒ සඳහා කලින් වේලාව හා දිනය වෙන් කර ගැනීමද අවශ්‍ය නොවේ.

popular news
-
sathyapala Saturday, 22 September 2018 07:04 PM
මොනවද මේ විහිලු? ඔය උපකරණය ඊබේ එකෙත් ගන්න තියනවා. ඩොලර් 25000. අහිංසක මිනිස්සුන්ට මේක හිතාගන්නත් බැරි ගණනක්. එහෙත් අද පත්තරේම තියනවා කෝටි හයකට වාලම්පුරියක් ගන්න ඇවිත් අහුවුනාලු. ඉතින් මේකේ වටිනාකම හක් බෙල්ලෝ දෙන්නෙක් හෝ තුන්දෙනෙක්. රටේ අහිංසක දුප්පතුන්ට මේවා පාවිච්චියෙන් ප්‍රතිකාර කරන්න රජයේ රෝහල් වලට එන්නට මෙපමණ කලක් ගිය එක ගැන රටම ලජ්ජාවිය යුතුය.
Reply : 0 0
rocky Sunday, 23 September 2018 06:40 AM
බොහොම හොඳ දෙයක්!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

