ලංකාවේ තිබෙන්නේ ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් - දයාසිරි
1972 වසරේදී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලන ක්‍රමයෙන් ඉවතට ගිය බවත් ලංකාවේ තිබෙන්නේ ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
"අපි 1972 අපි බ්‍රිතාන්‍ය පාලන ක්‍රමයෙන් ඉවතට ගියා. 1978 වන විට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවට පත්වුණා.
නැවත වතාවක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට යන්න ඕන නෑ. අපි තවත් ඉන්නේ ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ. කිරිඇල්ල මහත්තයා කියන්නේ 1972ට පෙර තිබුණ ක්‍රමයක්."
popular news
-
Champa Thursday, 22 November 2018 04:05 PM
හා හා හා 1978 ජනාධිපති ප්රමුඛ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත් ජනාධිපති පාර්ලිමේන්තුවට වග කියනව. ඉස්සර 1978 ආණ්ඩුක්ර ව්‍යවස්ථාව අනුව අවුරුද්දක් පිරුණට පස්සේ ඕනේ වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්. දැන් එහෙම විසුර්වන්න බැහැ 19න් පාර්ලිමේන්තුව අවුරුදු 4 1/2 කට fix කරලා නිසා. තමන් සහයෝගය දීපු 19 තමන්ටම අමතකද? ජේ ආර් 1978 හැදුවේ ප්‍රංශ සහ ඇමරිකන් මිශ්‍ර ජනාධිපති ක්‍රමයක්. හැබැයි පාර්ලිමේන්තුව හැදුවේ වෙස්ට් මිනිස්ටර් ක්‍රමයට. ඒ කියන්නේ ජනාධිපතිට විධායක බලය තිබුනට පාර්ලිමේන්තුවේ අගමැති පත් කරන්න ඕනේ බහුතරය තියෙන පක්ෂයේ නායකයාව විතරයි. වෙන කෙනෙක්ව පත් කරන්න බලයක් නැහැ. එහෙම පත් කලත් ඒ අගමැතිට බහුතරය තියෙන්න බව පෙන්වන්න ඕනේ. හොඳට මතක තියා ගන්න ඕනේ 1978 ව්‍යවස්ථාව මගින් ජනාධිපතිට විධායක බලය දීල තිබුනට ඒ හා සමානම බලයක් පාර්ලිමේන්තුව හරහා නියෝජනය වෙන ජනතා පරමාධිපත්‍යයටත් දීල තිබුන කියන එක. එහෙම කරල තිබුනේ කවද හරි දවසක ජනාධිපති සහ පාර්ලිමේන්තුවේ බහුතරය පක්ෂ 2කට ලැබුනොත් ජනාධිපති විධායක බලය යුතු ලෙස පාවිච්චි කරන එක පාලනය කරන්න. ලංකාවේ තියෙන්නේ ජනාධිපති ආණ්ඩුක්‍රමයක් නෙමෙයි මිශ්‍ර ආණ්ඩුක්‍රමයක්
Reply : 0 0
rocky Friday, 23 November 2018 07:16 AM
ජනතාව රවටන්න බොරු කෙලින්නේ නැතුව ව්‍යවස්ථාවේ 33 (අ) වගන්තිය බලනවා. " ...ජනාධිපත් වරයා පාර්ලිමේන්තුවට වග කිව යුතු වන්නේය" සිංහල තේරෙනවද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

