ලංකාවේ ඉන්නේ කතාකාරයෝ පමණයි - වැඩකාරයෝ නෑ - රවී
ලංකාවේ ඉන්නේ කතාකාරයෝ පමණක් බවත් වැඩකාරයෝ නොමැති බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය,රවී කරුණානායක මහතා පවසයි.
එ මහතා මෙම අදහස් පළ කළේ, ඊයේ (03) මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ජෙනරේටර් යන්ත්‍රයක් ලබාදිමේ වැඩකටයුතු වෙනුවෙන් එහි පැමිණි අවස්ථාවේදී මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
"අපි පක්ෂයක්, පෙරමුණක් වශයෙන් ජනාධිපති අපේක්ෂකයාව නම් කරනවා ඉදිරියේදී. ඩී.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන වැනි නායකයින් බිහි කරපු, රැකගත්ත එක්සත් ජාතික පක්ෂයට නව අරුතක් දිය හැකි මට්ටමේ කෙනෙක් අපි නායකත්වයට ඉදිරිපත් කරනවා
ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වෙනවා කියලා කියනවා. ඒ මහතා ඉදිරිපත්විම ඉතාමත් හොඳයි. ඒ තුළින් එ.ජා.ප.යට කිසිම අභියෝගයක් නැහැ. ගෝඨාභය මහතා ඉදිරිපත් වුණොත්, එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ට ජයක් ලබාගැනීමට හැකිවේවි.
සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බවට මේ වනතෙක් නම් කරලා නැහැ. ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත් වීමට, පක්ෂය වෙනුවෙන් කැපවුණ සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨයින් එ.ජා.ප. යේ සිටිනවා. ඕනෑම අභියෝගයක් භාරගන්න මමත් ලෑස්තියි. ඒ සඳහා සුදුසුකම්ද සපුරා තිබෙනවා. නමුත් අපි අපේ මට්ටම තේරුම් අරන් කටයුතු කරනවා
ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් ඉතිහාසයේ ගැටලු වලට මට පිළිතුරු සපයන්න බැහැ. නමුත් වර්තමානයේ සහ අනාගතයේදී කිසිම අක්‍රමිකතාවක්, වංචාවක්, දූෂණයක් සිදුවන්න මම ඉඩ දෙන්නේ නැහැ. නරකයි කියන සෑම දෙයක්ම අපි හොඳ බවට පත් කරමින් යනවා. ඉදිරියේදී අපි විදුලි කප්පාදුවක් ඇති නොවන පරිදි තමයි රැඩිකල් ආකාරයෙන් කටයුතු කරගෙන යන්නේ.
අපි ළිදේ ඉන්න ගෙම්බෝ වගේ වැඩ කරලා හරියන්නේ නැහැ. නූතන ලෝකයට ගැළපෙන අකාරයට කටයුතු කළ යුතුයි. අපේ වැඩ වලට මිල සූත්‍ර එන්නේ නැහැ. ලංකාවේ ඉන්නේ කතාකාරයෝ පමණයි. වැඩකාරයෝ නැහැ. වැඩක් කරන පුද්ගලයාට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. වැඩ නොකරන කෙනා හොඳින් ඉන්නවා. වැඩ කරන කෙනාට තමයි නිරන්තරයෙන් බනින්නේ" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි

popular news
-
gomis Sunday, 04 August 2019 05:08 PM
කතා කාරයෝ හැරුනම ඉතුරු ටික මෙයා වගේ ලජ්ජා නැති මෙගා හොර තක්කඩියි, මැරවරයෝයි. රට නය කරනවා, දුප්පතා දුක් විදිනවා, මෙයාල පවුල් පිටින් හොරා කකා වැජබෙනවා.
Reply : 0 12
shan Sunday, 04 August 2019 05:20 PM
ලංකාවේ ඉන්නේ කතාකාරයෝ පමණයි - වැඩකාරයෝ නෑ ඉන්න එකම වැඩකාරයා මම විතරයි ඒක නිසා තමා එදා ඉතාම ඉහලින් මම මහා බැංකුවට කෙලියේ රටම හැදිගවිලා යන්න දැන් මගේ ඊලග ඉලක්කය විදුලුබල මණ්ඩලයී එයට කෙලින ඒක කෙලිනවා නියතයි එදාට මුළු රටම අදුරුයි හුරේ ............................................හුරේ ........................................
Reply : 0 0
Champa Sunday, 04 August 2019 07:00 PM
Oh yeah වැඩකාරයෝ වැඩ කරන හැටි ඔන්න බලා ගන්න. මිලියන් 1ක් දැනට කුලිය ගෙවන විදුලිබල අමාත්‍යංශය මිලියන් 11ක් කුලිය ගෙවන තැනකට ගෙනියනවා කිසි හේතුවක් නැතුව. Key money විතරක් මිලියන් 364ක්!!!!!! ඔන්න වැඩ. කොමිස් එක මාසේ ගානේ installment ක්‍රමයටද එක්පාරටද? මේ වගේ මිනිස්සු තමයි දැන් මහින්දත් ලං කරගන්න හදන්නේ.
Reply : 0 0
Kumar Sunday, 04 August 2019 08:04 PM
මහත්මයෝ මගේ ඇසට පෙනෙන විදියට නම් ඔබතුමාත් ඒ වගේ තමා. වැඩක් කරන්න පුළුවන් අය හැරලා ගිහිල්ල. අපේ ළඟ මුදල් නැතිනම් අපි ජිවත් වෙන්න අපට තිබෙන වත්කම අනුවනෙ. ඔබ තුමාලට එවැනි දෙයක් කරන්න සිතෙන්නේ නැහැ නේද. විදුලිබල මණ්ඩල ගොඩනැගිල්ලලෙ උඩුමහල හොඳ නැති නිසා වෙන්න ඇති අලුත් ගොඩනැගිල්ලකට යන්න හදන්නේ. එකත් අර රාජගිරියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ගත්ත ගොඩනැගිල්ල වගේද. අනේ මෙහෙම රටක්.
Reply : 0 0
lion Monday, 05 August 2019 06:01 AM
මම thamai නියම වැඩකාරයා.අලෝසිඋස් ගෙන් කුලී ගෙවල pent house එකට ගිය ,දැන් කන්න නැති මේ රටේ මිලින 200 කුලිගේවල මට වැඩ කරන්න තැනක් ගන්නවා.මුන්ට එල්ලලා වෙඩි තියන්න ඕනේ.
Reply : 0 0
Deepal Nirosh Monday, 05 August 2019 09:19 AM
ලංකාවෙ වැඩ කාරයො නැති නිසා ද අර මහ බැංකුවට සිංගප්පූරුයෙන් වැඩ කාරයෙක් ගෙනල්ල වැඩ පෙන්නුවෙ? නියම වැඩ කාරය කියන්නෙ ආයෙ ඉන්න තැනක්වත් හරියට හොයන්න නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

