ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජනපති හමුවෙයි
තමාව ඝාතනය කිරීමට ඉන්දීය බුද්ධි අංශ කටයුතු කරන බවටත් ජනපතිවරයා කිසිම අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ජාත්‍යන්තර මාධ්‍ය හා දේශීය මාධ්‍ය වාර්තා කර ඇති ප්‍රවෘත්තිය පිළිබඳව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ජනපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කරයි.
තමාව ඝාතනය කිරීමේ සැලසුම් පිළිබඳව කැබිනට් හමුවේදී සාකච්ඡා කර ඇති බවත් ඒ පිළිබඳව විමර්ශයක් කිරීමට අවශ්‍ය බවත් මෙහිදී ජනපතිවරයා පැවැසූ බව ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
එසේම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම පිළිබඳව පැවැති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට ගැඹුරු මුහුදු වරායක් පැවැතීමේ අවශ්‍යතාව ජනපතිවරයා පෙන්වා දුන් බවද එම නිවේදනයේ දැක්වෙයි.
මේ පිළිබඳව අද පෙරවරුවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනපති මෛත්‍රීපාල සිරිසේන හමුවී කථා කළ බවත් එහිදී අවශ්‍ය පැහැදිලි කිරීම් සිදුකළ බවත් ඒ අනුව ද්විපාර්ශ්වීය සබඳතා යළි තහවුරු වූ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

popular news
-
rohan Wednesday, 17 October 2018 04:19 PM
ජනාදිපති තුමෙනි මේ වගේ බොරු කියන පත්තර කාරයන්ට විරුද්දව නඩු දන්නා පුළුවන් නීති සම්පාදනය කරන්නොකෝ මොකද අපිට දැන් මධිය එපාවෙලා තියන්නේ මිනිස්සු නොමග යවන නිසා.
Reply : 1 0
Lanka Wednesday, 17 October 2018 05:36 PM
නඩු දාන්න ඉස්සෙල්ල බොරු කියෙන්නේ කවුද කියලා හොයලා බලන්න
Reply : 0 0
Champa Wednesday, 17 October 2018 06:16 PM
හූඌඌඌ එල්ලන් කාපල්ලා!!!! :D :D :D :D :D
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

