ලංකාවෙන් කියුබාවට ඇ ඩො 50000ක පරිත්‍යාගයක්
කියුබාවට දැඩි හානි ගෙන දෙමින් මේ වසරේ ජනවාරි මස ඇතිවූ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්ව ඇති හවානාහි රෙග්ලා ආශ්රිත ගම්මානයක් ප්‍රතිසංස්කරණය සඳහා ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් 50000ක (රුපියල් ලක්ෂ 89ක් පමණ) පරිත්‍යාගයක් කිරීමට නියමිතව තිබේ.
දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කර ගැනීමේ සංඛේතයක් ලෙස හා මේ වසර වන විට දෙරට අතර රාජ්‍ය ත්රාත්න්රික සබඳා ආරම්භ කර 60ක් වසරක් සැපිරීම වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදුකරන බව රජය දන්වා සිටියි.
මෙම පරිත්‍යාගය සිදුකිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

popular news
-
Champa Wednesday, 26 June 2019 05:38 PM
මේ මොන විකාරයක්ද? නහය ළඟටම ණය බරින් ගිලිච්ච, සමීක්ෂණයකට ලක් කරපු දරුවන්ගෙන් 1.7%ක්ම මුළු මාසෙටම කිසිම එළවළුවක් කාපු නැති, කිරි දරුවන් කන්න නැතුව බඩ ගින්නේ මිය යන රටක් කියුබාව වගේ රටකට ආධාර දෙනවලු. පොඩි ගානකුත් නෙමෙයි ඩොලර් 50,000ක්. ලංකාවේ ප්‍රතිසංස්කරණය කල යුතු ගම්මාන කොච්චර තියෙනවද? රටෙන් වැඩි ප්‍රමාණයකට බීමට පිරිසිදු වතුර නැහැ. නියන් කාලෙට මිනිස්සු කිලෝමීටර් ගණන් යනව බොන්න වතුර පොදක් හොයාගෙන. කළු සුද්දෝ රටක් පාලනය කරන කොට දරුවන්ට කන්න ත්‍රිපෝෂවත් නැතුව බඩගින්නේ මිය යනවා. දරුවෝ පස් දෙනෙක් ඉන්න කාන්තාවක් ජීවත් වෙන්න විදිහක් නැතුව ගස් නැගල පොල් කඩනවා. තව කාන්තාවක් ගඩොල් කපනවා. අනිත් කාන්තාවේ මැද පෙරදිග වහල් වැඩ කරලා රටට සල්ලි එවනවා. වහල් පාලකයෝ ඒ සල්ලි දේශපාලන ප්රතිරූප ගොඩ නගන්න අම්ම අප්පාගේ බූදලේ වගේ වියදම් කරනවා. ඊළඟ පාර්ලිමේන්තුවට තෝරන්න ඕනේ පොළොවේ පය ගහල ඉන්න, තමන්ගේ සහෝදර ජනතාවගේ දුක වේදනාව හදවතට දැනෙන සහ ඒ ජනතාව වෙනුවෙන් යමක් කල යුතුයි කියල හිතන සැබෑ ජනතා නියෝජිතයන් විතරයි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

