ලංකාවට 48 Tbps ක වේගයක ගෝලීය බෑන්ඩ්විත් පරාසයක්
දකුණු ආසියානු කලාපයේ වැඩිම ඉල්ලුමක් ඇති දත්ත සම්පේ‍්‍රෂණ කේන්ද්‍රස්ථානයක් වශයෙන් ශී‍්‍ර ලංකාවට හිමි ස්ථානය තවදුරටත් ඉහළ නංවීමට හැකිව තිබේ. ඒ ශී‍්‍ර ලංකා ටෙලිකොම් පී.එල්.සී ආයතනය විසින් මාතර ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද SEA-ME-WE 5 මුහුදු සංදාම පද්ධතියෙහි හුවමාරු මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමගිනි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාග් ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ එය විවෘත කෙරිණි.
ශී‍්‍ර ලංකාව වෙත 48 Tbps ක වේගයෙන් යුතු ගෝලීය බෑන්ඩ්විත් පරාසයක් හිමිකර දෙමින් අග්නිදිග ආසියානු, මැදපෙරදිග හා බටහිර යුරෝපීය කලාපයේ රටවල් 17 ක විදුලි සංදේශ සමාගම් රැසක සහභාගිත්වයෙන් මෙය ආරම්භ කර තිබෙයි.
මුහුදු සංදාම පද්ධතියෙහි හුවමාරු මධ්‍යස්ථානය මෙහිදී ගාල්ලේ සිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජනාධිපති අතින් විවෘත කෙරුණු අතර අනතුරුව ගාල්ලේ ස්ථාපිත රැහැන් ඩිපෝව සඳහා මුල්ගල් තැබීම ද ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


