ලංකාවට මෙන්ම ඉන්දියාවටද ත්‍රස්ත ප්‍රහාර එල්ල වෙලා තියෙන්නේ
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝකාලීන මිත්‍රත්වයක් පවතින බවත් ඒ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අසල්වැසියකුගේ යුතුකමක් වන බවත් පත්ව ඇති තත්ත්වයෙන් නඟා සිටුවීම සඳහා ඉන්දියාව හැකි උපරිම සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධූ මහතා ප්‍රකාශ කළේය.
මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් අද (17) දින බැහැදැකි අවස්ථාවේදි මහානායක හිමිපාණන් වහන්සේ හමුවේ මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.
මහනුවරට පැමිණි ඉන්දියානු මහ කොමසාරිස්වරයා ශ්‍රී දළඳා මාලිගාවේදී දන්තධාතූන් වහන්සේ වැද පුදා ගත් අතර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් මහ කොමසාරිස්වරයා පිළිගන්නා ලදි.
ඉන්පසු මල්වතු මහා විහාරයට පැමිණි මහ කොමසාරිස්වරයා එහිදී මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක උන්වහන්සේ සමඟ සාකච්ඡාවක නිරත වූ අතර අනතුරුව ඒ මහතා අස්ගිරි මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා සාකච්ඡාවක නිරත වූහ.
ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාව ඇතුලු වෙනත් රටවලට ද ත්‍රස්ත තර්ජන එල්ල වී ඇති බවත් ඒ තර්ජන හමුවේ යළි නැගී සිටීම මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව විසින් කළ යුතු ප්‍රධාන වගකීම හා යුතුකම වන බව ඒ මහතා මහා නායක හිමියන් සමඟ ප්‍රකාශ කළ අතර
ඒ සඳහා ඉන්දියාව සිය උපරිම සහයෝගය ලබාදීමට අපේක්ෂා කරන බව ද මහ කොමසාරිස් වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම හමුව සඳහා ඉන්දියානු සහකාර මහ කොමසාරිස් ධිරේන්ද්‍ර සිං මහතා ඇතුලු පිරිසක් එක්වූහ.

popular news
-
Champa Friday, 17 May 2019 05:25 PM
ඉන්දියාව කවදාවත් ලංකාවේ ත්‍රස්තවාදය නැති කරන්න උදව් කලේ නැහැ. ලංකාව අනාරක්ෂිත වෙන තරමට ඉන්දියාව කැමතියි. රට පුරාම RAW ඔත්තුකාරයෝ. 2015 ලංකාවේ ජනාධිපතිවරණය හැසිරෙව්වේ ඉන්දියාව සහ ඇමරිකාව. ඊළඟට 2019 ඒක වෙනස් විදිහකට කරන්න හැදුව. 2015 හරි ගියාට 2019 වැරදුන. තවත් මොන කතාද?
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

