ලංකාවට ඉන්දීය ආයෝජන වැඩිකරනවා - ඉන්දීය විදෙස් ඇමති
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට පදනම් වන ඉන්දියානු ආයෝජන වැඩිදියුණු කිරීමටත්, නිවාස, වරාය හා ගුවන් සේවා අංශයන් පුළුල් කිරීම සඳහාත් ඉන්දීය රජයේ පූර්ණ සහාය ලබාදීමට දිගින් දිගටම කටයුතු කරන බව ඉන්දීය විදේශ ඇමැතිනී ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ් මහත්මිය ප්‍රකාශ කළාය.
අද (27 දා) වියට්නාමයේ හැනොයි නුවර, ෂෙරටන් හෝටලයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් ඉන්දීය විදේශ අමාත්‍යවරිය පැවසුවේ ඉන්දීය සාගර සමුළුවේ කාර්යයන්ද දිනෙන් දින වර්ධනය වනු දැක්ම සතුටට කරුණක් බවයි.
ඉන්දීය සාගරයට සම්බන්ධ සියලුම පාර්ශ්වයන්ගේ දායකත්වය ඇතිව නිදහස් නාවුක ගමනාගමනය සහ ඉන්දීය සාගරයේ සාමය හා ආරක්ෂාව ස්ථාපිත කරලීම සඳහා එකඟත්වයකට එළැඹීමට සුදුසුම වේදිකාව ඉන්දීය සාගර සමුළුව බව මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.
ප්‍රධාන සමුළුවට අමතරව පාර්ශ්වකරුවන් අතර නිරන්තර සාකච්ඡා හා සම්මන්ත්රණ සංවිධානය කිරීම මගින් සමුළුවේ අරමුණු වඩාත් විධිමත්ව හා කඩිනම්ව ඉටු කර ගැනීමට අවකාශ උදා වන බව ද මෙහිදී සඳහන් විය.
ඡායාරූප ප්‍රදීප් පතිරණ


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

