කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය මෙන්ම එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ඉමිතියාස් බාකර් මාකර්ද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරිමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට තවදුරටත් අදහස් දක්විමින් ඔහු සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට සමීපව කටයුුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාත් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත්කර ඇති බවයි.